
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව, ඝානාව සහ සැම්බියාව යන රටවල් ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීම සඳහා, මේ වන විට බහුතරයක් පාර්ශ්වයන් එකඟතාව පළකර ඇති පොදු මූලධර්ම, ද්විපාර්ශ්වික ණය හිමියන් විසින් භාවිත කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව, එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසා තිබේ.
සැම්බියාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ප්‍රමාද වුවද (චීනය හේතුවෙන්) අවසානයේ එහිදී පැමිණි එකඟතාවන් සහ ණය සහන සඳහා පොදු මූලධර්මවලට එකඟ විය හැකි බව ඊයේ (16) ඉන්දියාවේ පැවති G20 මුදල් ඇමැතිවරුන්ගේ රැස්වීමේදී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය පැවැසීය.
දරිද්‍රතාවයෙන් පෙළෙන රටවල් සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම් ඇතුළු අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් චීනය සමඟ කටයුතු කිරීමට තමා උත්සාහ කරන බවත් ජැනට් යෙලන් පෙන්වාදී ඇත.
ඝානාව සහ ශ්‍රී ලංකාව සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කරනු ඇතැයි අපේක්ෂා කරන අතර, එමඟින් මෙම වසර අවසානයේදී දෙරට පිළිබඳ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ පළමු වැඩසටහන සමාලෝචනය සමඟ ඉදිරියට යා හැකි බව ද ඇය පැවසුවාය.
පසුගිය මාසයේ දී සැම්බියාව ද්විපාර්ශ්වික ණය හිමියන්ට ගෙවිය යුතු ඩොලර් බිලියන 6.3 ක ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ගනුදෙනුවක් සාර්ථකව සිදු කළ අතර, එයින් ඩොලර් බිලියන 4.1 ක් චීනයට ගෙවිය යුතු ණය වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart