
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යනු තමාගේ සමීප මිතුරෙකු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
ධවල මන්දිරයේදී ජනමාධ්‍යවේදීන් අමතමින් ඔහු පවසා ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රේෂ්ඨ මිනිසෙකු බවයි.
ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය දෙරට අතර වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමේ අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙස ලබන වසරේ ඉන්දියාවට පැමිණීමේ හැකියාවක් පිළිබඳ ඉඟි පළ කිරීමක් විය හැකි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එමෙන්ම තමන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග සාර්ථකව සාකච්ඡා කරමින් සිටින බව ද ට්‍රම්ප් පැවසුවේය.
“ඔහු මගේ මිතුරෙක්, අපි කතා කරනවා, ඔහුට මා එහි පැමිණීමට අවශ්‍යයි. අපි ඒක තේරුම් ගන්නවා; මම යනවා… අගමැති මෝදි ශ්‍රේෂ්ඨ මිනිසෙක්, මම යනවා,” ට්‍රම්ප් පැවසීය.
ලබන වසරේ ඉන්දියාවට යාමට සැලසුම් කර ඇත්දැයි ජනමාධ්‍යවේදීන් සිදු කළ විමසීමේදී ට්‍රම්ප් පවසා ඇත්තේ “එය විය හැකියි” යනුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart