
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකත්වය ලබාගැනීම සඳහා දරන උත්සාහය වෙනුවෙන් සිය සහයෝගය පළකර තිබේ.
ANI පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා එම උත්සහය හඳුන්වාදුන්නේ, ගෝලීය බල යථාර්ථයන් පිළිගැනීමක් ලෙසයි.
එබැවින් ඉන්දියාවේ අරමුණ වෙනුවෙන් අඛණ්ඩව සහයෝගය පළකරන බව ඔහු පැවසුවේය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉන්දියාව ඇතුළත් කිරීම අන්තර්ජාතික දේශපාලනයේ ප්‍රායෝගික යථාර්ථයන් පිළිගැනීමක් වනු ඇති බව ද විපක්ෂ නායකවරයා එහිදී පවසයි.
“වසර ගණනාවකට පෙර, ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකත්වය ලබාදීම ගැන විවෘතව කතාකළේ මමයි. එබැවින් එය මට පැරණි මාතෘකාවක්,” ඔහු පැවසීය. “මම එම උත්සාහයට දිගටම සහාය දෙනව, එය ගෝලීය බල යථාර්ථයන් පිළිබඳ ප්‍රායෝගික පැහැදිලි කිරීමක් යැයි මම සිතනවා. ඉන්දියාව ඉවත දැමිමට හෝ කොන් කිරීමට හැකියාවක් නැහැ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඉන්දියාවේ නියෝජනය අන්තර්ජාතික දේශපාලනයේ ප්‍රායෝගික යථාර්ථයන් පිළිගැනීමක් වනු ඇත.” යනුවෙන් ද ඔහු පැවසුවේය.
එමෙන්ම විපක්ෂ නායකවරයා අවධාරණය කළේ, ශ්‍රී ලංකාව සියලු රටවල් සමඟ සබඳතා පවත්වාගනිමින් ඉන්දියාව සමඟ ඇති විශේෂ උපායමාර්ගික සම්බන්ධතාවය අගය කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart