
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ඇති ඉඩපහසුකම් පිළිබඳ මහේස්ත්‍රාත්වරුන් දැනුවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ.
පුනරුත්ථාපන කාර්යාංශය මඟින් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරියට යොමුකරන ලද ලිපියකට අනුව මේ දැනුවත් කිරීම සිදුකර ඇත.
එම දෙපාර්තමේන්තුව මඟින් යොමු කරන ලද ලිපියට අනුව දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පුනරුත්ථාපන මධ්‍යස්ථාන වන කන්දකාඩුහි නවෝදාව ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 500 දෙනකු පුනරුත්ථාපනය කිරීමේ පහසුකම් පවතී.
එහි දැනට පුනරුත්ථාපනය වන්නේ 327 දෙනකු පමණක් වන අතර, තවත් 173 දෙනකු එහි පුනරුත්ථාපනය කිරීමේ හැකියාව ඇත.
සේනපුර පිහිටා ඇති නවෝදාව තෘතීයික හා වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානයේ 500 දෙනකුට පුනරුත්ථාපනය වීමේ පහසුකම් ඇතත්, දැනට එහි පුනරුත්ථාපනය වන්නේ 208 දෙනෙක් පමණි.
එහි තවත් 292 දෙනකුට පුනරුත්ථාපන පහසුකම් තිබේ.
දෙපාර්තමේන්තුව යටතේ ඇති වවුනියාව සාරංගා මධ්‍යස්ථානයේ 120 දෙනකු පුනරුත්ථාපනය කළ හැකි අතර, දැනට එහි පුනරුත්ථාපනය වනු ලබන්නේ 96 දෙනකු පමණි. එහි තවත් 24 දෙනකුට පුනරුත්ථාපන පහසුකම් ඇති බව ද අදාළ ලිපියේ දැක්වේ.
ඒ අනුව මේ මධ්‍යස්ථානවල පුනරුත්ථාපනය වන සමස්ත ප්‍රමාණය 631ක් වන අතර, තවත් 489 දෙනකුට ඒවායේ පුනරුත්ථාපනය වීමේ පහසුකම් තිබේ.
මේ නිසා විනිසුරුවරුන් විසින් සුළු මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් වන නඩුවලදී මේ පිළිබඳ අවධානය යොමුකරන ලෙසද අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් දැනුම් දී ඇත.(සිළුමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart