
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලබන සතියට නියමිත ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය රාජ්‍ය සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වැදගත් ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව, දෙරට අතර ජාල සම්බන්ධතාව, වරාය සංවර්ධනය සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති, බොහෝ දුරට දිවයිනේ උතුරු ප්‍රදේශයේ, ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානය සංවර්ධනය, ඖෂධ ප්‍රසම්පාදනය සහ කිරි කර්මාන්තය යන ක්ෂේත්‍රවලට අදාළ ගිවිසුම්වලට අත්සන් තැබීමට නියමිත බව වාර්තා සඳහන් කරයි.
අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජූලි 20 හෝ 21 දෙදින සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.
මෙම සංචාරයේදී ජනාධිපතිවරයා අගැමති මෝදි හමුවීමට නියමිත අතර, ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව පැවැසේ.
පසුගිය වසරේ ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු ජනාධිපති වික්‍රමසිංහගේ පළමු ඉන්දීය සංචාරය මෙය වේ.
මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නවදිල්ලි සංචාරයට අදාළව කටයුතු සංවිධානය කිරීමට මේ සතිය මුලදී, ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා ශ්‍රී ලංකාවට පැමිණියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart