
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී පාතාල නායකයකු බව කියන ගණේමුල්ලේ සංජීවට වෙඩිතබා ඝාතනය කිරීම සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥවරිය මෙහෙයවා ඇත්තේ කෙහෙල්බද්දර පද්මේගේ සමීපතම සගයා වන ‘දරූන්’ නමැති පාතාල අපරාධකරු බව විමර්ශනවලින් හෙළිවී ඇතැයි පොලිස් වාර්තා උපුටා දක්වමින් ‘දිවයින’ පුවත්පත වාර්තා කරයි. පහතින් දැක්වෙන්නේ එම වාර්තාවයි.
‘සංජීව ඝාතනය කිරීමට ඉෂාරා සෙව්වන්දිට පිස්තෝලය සඟවාගෙන ඒම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ පිටපත් දෙකක් ලබාදී ඇත්තේ ද මෙම නීතිඥවරිය විසින් බව මේ වනවිට අනාවරණය වී තිබේ.
ඊට අමතරව ඉෂාරා සෙව්වන්දිට ව්‍යාජ නීතිඥ හැඳුනුම්පතක් සකස්කර දීම, නීතිඥවරුන් සඳහා නිතුත් කරන වාහන ඇතුළු කිරීමේ ආවසර පත්‍රයක් සහ නීතිඥ ටයි පටි දෙකක් ලබාදී ඇත්තේ ද මෙම සැකකාර නීතිඥවරිය විසින් බව හෙළිවී ඇත.
පොලිසිය පවසන අන්දමට සැකකාර නීතිඥවරිය කාලයක සිට කෙහෙල්බද්දර පද්මේ සහ ඔහුගේ සමීපතම ගෝලයකු වන දරූන් අතර සබඳතා පවත්වාගෙන ගොස් තිබේ. ඒ සම්බන්ධතා උඩ පද්මේගේ උපදෙස් මත මෙම නීතිඥවරිය සංජීව ඝාතනය සඳහා සහායවීමට ඉදිරිපත් වී තිබේ.
දරූන්ගේ උපදෙස් මත මෙම නීතිඥවරිය ඉෂාරා සෙව්වන්දි මුණගැසී සංජීව ඝාතනයට අවශ්‍ය පහසුකම් සපයා ඇත. ඒ අනුව සංජීව ඝාතනය සඳහා පිස්තෝලය අධිකරණය වෙත රහසිගතව රැගෙන යෑමට අපරාධ විධිවිධාන සංග්‍රහයේ පිටපත් 2ක් ලබාදී තිබේ. සංජීව ඝාතනය සඳහා මෙහි එක් පිටපතක ඇතුළත පිටු කපා දමා එහි පිස්තෝලය සඟවාගෙන යෑමට ඝාතකයා කටයුතු කර තිබිණි.
ඊට අමතරව ඉෂාරා සෙව්වන්දිට අධිකරණයට ඇතුළු වීම සඳහා නීතිඥ සංගමය මගින් නිකුත් කරන හැඳුනුම්පත ව්‍යාජ ලෙස සකස් කර දීමට ද කටයුතු කර තිබේ.
මේ අතර අධිකරණ භූමියට වාහනයක් ඇතුළු කිරීම සඳහා නීතිඥවරුන්ට ලබාදෙන වාහන ඇතුළු කිරීමේ බලපත්‍රයක් ද සෙව්වන්දිට ලබාදී ඇත්තේ මෙම නීතිඥවරිය විසින් බව හෙළිවී ඇත.
මෙම ඝාතනය සිදුකළ කොමාන්ඩෝ සලිඳුට නීතිඥ ඇඳුමින් සැරසී යෑමට අවශ්‍ය නීතිඥවරුන් පළඳින ටයි පටි දෙකක් ද සෙව්වන්දිට ලබාදී ඇත්තේ මෙම නීතිඥවරිය විසින් බවට විමර්ශකයන් විසින් හෙළි කරගෙන තිබේ.
සැකකාර නීතිඥවරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන ඇත.
සංජීව ඝාතනය සඳහා ආධාර අනුබල දුන් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දිගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම නීතිඥවරිය පිළිබඳ තොරතුරු අනාවරණය විය. ඒ අනුව විමර්ශන නිලධාරීන් කඩවත ප්‍රදේශයේ කළ වැටලීමකදී මෙම නීතිඥවරිය අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ පෙරේදා (28දා) රාත්‍රියේදීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යයි.
පද්මේ ඇතුළු පාතාල කල්ලිය ඩුබායි සිටියදී පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ලින්ටන් සිල්වා මහතාට මරණීය තර්ජන එල්ල කර බැණවදින හඬපටයක් පසුගිය දිනවල ප්‍රචාරය වී තිබිණ. එම හඬපටයේ ලින්ටන් මහතාට පරුෂ වචනයෙන් බැණවැදී මරණ තර්ජනය එල්ල කරන්නේ දරූන් නමැත්තාය.
පද්මේ ඇතුළු පාතාල කල්ලිය ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වන අවස්ථාවේ දරූන් සිට ඇත්තේ ඩුබායි රාජ්‍යයේ ය.
මේ වනවිටත් දරූන් ඩුබායි හි රැඳී සිටින බව පොලිසිය පවසයි.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart