
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාකිස්ථානයේ පැවැත්වෙන එළඹෙන විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා ලෙස හිටපු නායක දසුන් ශානක නම්කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.
චරිත් අසලංක එම කණ්ඩායමේ නායකත්වය දරනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමට මෑත කාලීන අන්තර්ජාතික සංචාරවලදී ස්ථිර ලෙස නම්කරන ලද උප නායකයකු නොසිටි නමුත්, චරිත් අසලංකගේ නායකත්වයට සහාය වීම සඳහා නියෝජ්‍ය නායකයෙකු පත්කිරීමට තේරීම් කමිටුව දැන් සලකා බලමින් සිටියි.
ඒ අනුව කණ්ඩායමේ වඩාත්ම පළපුරුදු විස්සයි20 ක්‍රීඩකයකු වන දසුන් ශානක, ඔහුගේ අතීත නායකත්ව අත්දැකීම් අනුව ශක්තිමත් ක්‍ර්‍රීඩකයකු ලෙස සැලකේ.
ජාතික සංචිතය දැනට හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පුහුණුවීම් සිදුකරමින් සිටියි.
අනෙකුත් ප්‍රදේශවලට අඛණ්ඩව ඇදහැලෙන වර්ෂාව සහ මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පිතිකරණයට පවතින හිතකර තත්වයන් හේතුවෙන් එම ස්ථානය තෝරාගෙන ඇති බව නිලධාරීහු පවසති.
ඒවා පාකිස්ථානයේ පවතින තත්වයන්ට සමාන වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාව පළමුව නොවැම්බර් 11 වැනි දින සිට පාකිස්ථානයට එරෙහිව තරග තුනකින් යුත් එක්දින තරගාවලියකට ක්‍රීඩාකරනු ඇති අතර සිම්බාබ්වේ කණ්ඩායම විස්සයි20 තුන්කොන් තරගාවලියට එක්වනු ඇත.
එම කණ්ඩායම නොවැම්බර් 7 වැනි දින පාකිස්ථානය බලා පිටත්ව යෑමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart