
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ආනයනය කළ රළු මැණික් (Rough Gems) කි.ග්රෑ. 15,652කින් කිසිදු වැඩක් ගෙන නැතැයි කර්මාන්ත ඇමැති සුනිල් හඳුන්නෙත්ති පැවසීය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇමැතිවරයා සඳහන් කළේ, 2022-2024 කාලය තුළ HS code 7103.10 යටතේ රළු මැණික් කි.ග්රෑ. 46816ක් ආනයනය කර ඇති බවයි. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් විසින් මෙම රළු මැණික් ශ්‍රී ලංකාවට ආනයනය කළ කර්මාන්තකරුවන් වෙත ගොස් පරීක්ෂා කර ඇති බවත්, එම තොගයෙන් කි.ග්රෑ. 29,500ක අන්තර්ගත වී ඇත්තේ රළු හා ග්‍රානට් වර්ගයට අයත් කුඩු වටිනාකමකින් යුතු මැණික් ගල් බව අනාවරණය කරගෙන ඇති බවත්ය.
මෙහිදී ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ මෙම තොගයෙන් කපා ඔපදමන ලද මැණික් කි.ග්රෑ.1,664ක් අපනයනය කර ඇති බවයි. මේ තොගයෙන් අගය එකතු කළ නොහැකි යැයි හඳුනාගත් මැණික් ප්‍රමාණය කි.ග්රෑ. 8260කි. අපතේ යෑම හා කිසිදු සකස් කිරීමට ලක්නොකළ මැණික් ප්‍රමාණය කි.ග්රෑ. 7,392කි.
24දා පාර්ලිමේන්තුවේදී ඇමැතිවරයා මේ දත්ත ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙහිදී අදහස් දක්වමින් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ ප්‍රතිඅපනයනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවට ගෙන්වන මැණික් නිසි පරිදි අපනයනය කරන්නේද යන්න පිළිබඳ තහවුරු කරගැනීමට නිසි ක්‍රමවේදයක් අවශ්‍ය බවයි. මේ සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ ශ්‍රී ලංකා රේගුව එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කරමින් තිබෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart