
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රජාවන් අතර අවබෝධය වර්ධනය කරමින් සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහිකිරීම යන දැක්ම පෙරදැරිව ‘ශ්‍රී ලාංකික දිනය’ ලෙස ජාතික වැඩසටහනක් පැවැත්වීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් 2025 අයවැය කතාවේදී යෝජනා කරන ලදී.
එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ වගකීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පැවරී ඇත.
ඒ අනුව, ‘ශ්‍රී ලාංකික දිනය’ වැඩසටහන 2025 වර්ෂයේ දෙසැම්බර් මස 12, 13 සහ 14 යන දිනවල කොළඹ මහනගර සභා පිටිය හා විහාර මහාදේවී උද්‍යානය ඇතුළු එම ප්‍රදේශය ආශ්රිත පරිශ්‍ර හා ප්‍රධාන මාර්ගවලින් ආවරණය වන පරිදි කලාප 04ක රාජ්‍ය හා පෞද්ගලික අංශවල සහභාගිත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
තවද, එකී වැඩසටහන සියලුම ජාතීන් හා ආගම් නියෝජනය වන අයුරින් හා ඒ ඒ දිස්ත්‍රික්කවල සංස්කෘතිකාංග හා ආහාර සංස්කෘතීන් ඇතුළත් වැඩසටහන්, දේශීය කර්මාන්ත ප්‍රදර්ශන හා අලෙවිය, නව නිපැයුම් අවස්ථා හඳුන්වා දීම ඇතුළු වැඩසටහන්වලින් සමන්විතව පැවැත්වීමට සූදානම් කර ඇත.
ඒ අනුව, ‘ශ්‍රී ලාංකික දිනය’ වැඩසටහන පැවැත්වීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart