October 23, 2025

ඉෂාරා සෙව්වන්දි යාප­නය අරි­යා­ලෙන් ධීවර බෝට්ටු­වක නංවා ඉන්දි­යා­වට පැන්නූ ප්‍රධාන සැක­කරු වන ආන­න්දන් නමැත්තා විසින් පාස්කු ඉරු­දින ප්‍රහා­ර­යට සම්බන්ධ සැක­ක­රු­වන් කිහිපදෙන­කුට ද මුහුදු මාර්ග­යෙන් පළායෑමට අවශ්‍ය කට­යුතු සලසා දී ඇතැයි විම­ර්ශ­න­ව­ලින් හෙළි වී ඇති බව කොළඹ දිසා අප­රාධ කොට්ඨා­සය පව­සයි.

යාප­නය, උද­ය­පු­රම්හි තුන් වැනි පටු­මඟේ පදිං­චි­ක­රු­වෙක් වන 29 හැවි­රිදි ඒ.පී. ආන­න්දන් නමැති මෙම සැක­ක­රුව කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් විසින් පෙරේදා (21) රාත්‍රී කාල­යේදී අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. කිළි­නො­ච්චියේ පිහිටි මෙම සැක­ක­රුට අයත් නිව­සක ද තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝ­ල­යක් ද සොයා­ගැ­නී­මට කොළඹ අප­රාධ කොට්ඨා­සය සමත්ව ඇත.

මෙම සැක­ක­රුව අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ තිහා­රිය ඕ‍ගොඩ­පොල දීය. පාතාල අප­රා­ධ­ක­රු­වන්, මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන් සහ වෙනත් අප­රා­ධ­ව­ලට සම්බන්ධ පුද්ග­ල­යන් නීති විරෝ­ධිව බෝට්ටු මඟින් ඉන්දි­යා­වට රැගෙන යෑමේ ජාලයේ මහමොළ­කරු ලෙස හඳු­නා­ගෙන ඇත්තේ ආන­න්දන් නමැති අයයි.

ආන­න්දන් මෙම ජාවා­රම සිදු කර­ගෙන යන්නේ ඔහුගේ බාල ස‍හෝද­ර­යන් දෙ‍ෙදනා සමඟ එක්ව බව ද අනා­ව­ර­ණය වී ඇත.

කේරළ ගංජා ජාවා­ර­මක් සම්බ­න්ධ­යෙන් ඔවුන් දෙදෙනා මේ වන විට සිටින්නේ පොලී­සි­යට හසුවී රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­තව බව සඳ­හන්ය.

ඉන්දි­යා­වත් ශ්‍රී ලංකා­වත් අතර මුහුදු මාර්ග ඔස්සේ සිදු කරන කේරළ ගංජා ජාවා­ර­මට ද මෙම සහෝ­දර කණ්ඩා­යම සම්බන්ධ බව ද හෙළිවී තිබේ.

පාතා­ල­යට සම්බන්ධ ප්‍රබල අප­රා­ධ­ක­රු­වන් මෙන්ම පාතා­ලයේ වෙඩි­ක්ක­රු­වන් ඇතුළු 100කට වැඩි පිරි­සක් මෑත කාලය තුළ මෙම කණ්ඩා­යමේ මැදි­හත් වීම මත ඉන්දි­යා­වට පන්නා ඇති බව ද විම­ර්ශ­න­ව­ලින් හෙළිවී ඇත.

2019 වසරේ අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්තු ඉරු­දින ත්‍රස්ත ප්‍රහා­ර­යට සම්බන්ධ සැක­ක­රු­වන් කිහිපදෙනෙකුට ද මුහුදු මාර්ග ඔස්සේ පළායෑමට මෙම පුද්ග­ලයා විසින් අවශ්‍ය පහ­සු­කම් සලසා දී ඇතැයි ද අනා­ව­ර­ණය වී තිබෙන බව කොළඹ අප­රාධ කොට්ඨාස තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

මෙසේ ඔහු විසින් පහ­සු­කම් සපයා ඇති පාස්කු ඉරු­දින ප්‍රහා­රයේ සැක­ක­රු­වන් කවු­රු­න්දැයි තව­දු­ර­ටත් තහ­වුරු කර ගනි­මින් සිටින බව ද පොලිස් තොර­තුරු සඳ­හන් කළේය.

ඉෂාරා සෙව්ව­න්දිව ඉන්දි­යා­වට රැගෙන ගිය බෝට්ටුව පොලිස් භාර­යට ගැනී­මට කොළඹ අප­රාධ කොට්ඨා­සයේ විශේෂ පොලිස් කණ්ඩා­ය­මක් ද ඊ‍යේ යාප­න­යට ගොස් තිබුණි.

පළාත් පාලන මැති­ව­රණ උණු­සුම මැද සවස 5.00ට පමණ ඇය රැගත් බෝට්ටුව අරි­යා‍ලෙන් පිටත්ව ඇති බව ද අනා­ව­ර­ණය වී ඇත.

ඇය ඊට පසු­දින ගොඩ­බැස ඇත්තේ ඉන්දි­යාවේ වෙරළ තීර­ය­ක­ටය. එය තමි­ල්නාඩු ප්‍රදේ­ශයේ ස්ථාන­යක් බව සඳ­හන්ය.

ආන­න්දන් නමැති සැක­ක­රුගේ ජංගම දුර­ක­ථ­නය මේ වන විට කොළඹ අප­රාධ කොට්ඨා­සය භාර­යට ගෙන ඇත.

ඔහු සමඟ සම්බ­න්ධ­කම් පව­ත්ව­මින් සිටින විදේ­ශ­ගත පාතා­ල‍ ­අ­ප­රා­ධ­ක­රු­වන් සහ කේරළ ගංජා ජාවා­ර­ම්ක­රු­වන් සම්බ­න්ධ­යෙන් බොහෝ තොර­තුරු අනා­ර­ව­ණය කර­ගැ­නී­මට ද කොළඹ අප­රාධ කොට්ඨා­සය සමත්ව ඇත.

මේ සම්බ­න්ධ­යෙන් විධි­මත් විම­ර්ශ­න­යක් පැවැ­ත්වීම සඳහා ආන­න්දන් නමැත්තා ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනතේ විධි­වි­ධා­න­යන්ට අනුව දින 90ක් රඳ­වා­ගෙන විම­ර්ශන පැවැ­ත්වීම කෙරෙහි ද පොලී­සියේ අව­ධා­නය යොමුව ඇත.

ඉෂාරා සෙව්ව­න්දිට නවා­තැන් ලබා­දීම සම්බ­න්ධ­යෙන් ද පෙරේදා (21) රාත්‍රි කාල­යේදී කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් විසින් කිළි­නො­ච්චිය උද­ය­න­ග­ර්හීදි තවත් සැක­ක­රු­වෙක් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

ආර්. සත්‍ය­කේ­ෂන් නමැති 42 හැවි­රිදි ඔහු කිළි­නො­ච්චිය අම්බ­ල්කු­ලම්හි පදිං­චි­ක­රු­වෙකි.

ඉෂාරා සෙව්ව­න්දිට කිළි­නො­ච්චි­යේදී සහ යාප­න­යේදී රැක­ව­ර­ණය ලබා­දීම සම්බ­න්ධ­යෙන් මෙම සැක­ක­රු­වන් දෙදෙ­නාට අම­ත­රව සැක­ක­රු­වන් සිවුදෙනකු මෙයට පෙර කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබුණි.(දිනමිණ)