
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් උදෙසා සංවිධානය කළ විශේෂ වැඩමුළුවක් (17) පස්වරුවේ රුහුණු විශ්වවිද්‍යාලයීය රවීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
‘AI for Transforming Public Service’ යන මැයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහාය ඇතිව දකුණු පළාත් සභාව විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුවට ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීහු එක්ව සිටියහ.
රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ රජයේ වැඩපිළිවෙළෙහි ආරම්භක ප්‍රවේශයක් ලෙස රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සහ සුදානම් කිරීම, කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීම යන අරමුණු ඇතිව මෙම වැඩමුළුව සංවිධානය කර ඇත.
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මෙම වැඩමුළුවේ ප්‍රධාන දේශනය සිදුකළ අතර, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ඩිජිටල් කාර්යසාධක බලකායේ සාමාජිකයන් වන හර්ෂ පුරසිංහ, සමිස අබේසිංහ යන අය ඇතුළු එම ආයතනයේ නිලධාරීහු මෙම වැඩමුළුවට සම්පත්දායකත්වය සැපයූහ.
දකුණු පළාත් ප්‍රධාන ලේකම් නීතිඥ සුමිත් අලහකෝන්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන අය, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.(PMD)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart