
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය කාලයේදී ව්‍යාපෘති ණය ලෙස රටට ලබාගත් අමෙරිකානු ඩොලර් බිලියන 8ක මුදලකින් ඩොලර් බිලියන 6ක මුදලකට සිදු වූ දෙයක් නොමැති බවත් ඒ මුදල් කවුරුන් හෝ අත්පත් කරගෙන තිබෙන බවත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල ප්‍රකාශ කළේය.
අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (20) එක් වෙමින් ඇමැතිවරයා මේ බව පැවසුවේය.
ව්‍යාපෘති ණය ලෙස අමෙරිකානු ඩොලර් බිලියන 8ක් ලබාගෙන තිබුණ ද වත්කම් ලෙස තිබුණේ, අමෙරිකානු ඩොලර් බිලියන 2කටත් අඩු මුදලක් බව විගණකාධිපති වාර්තාවක සඳහන්ව තිබූ බව හෙතෙම කීය.
ඉතිරි ඩොලර් බිලියන 6ට සිදු වූ දෙය නොදන්නා නමුත් අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතින් ඒ සියල්ල යළි අත්පත් කරගැනීමට හැකියාව ඇති බවත් ඇමැතිවරයා කීවේය.
මහබැංකු බැඳුම්කර සිද්ධිය වැනි වංචා නිසා ඇතැම් අයට මූල්‍ය ප්රතිලාභ හිමිව තිබෙන බව ද මේ පනත යටතේ ඒ සම්බන්ධයෙන් ද විමර්ශන කාර්යක්ෂම වනු ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
එමෙන්ම යමකු නීති විරෝධිව මුදල් උපයා යම් යම් දේපොළ හෝ වෙනත් දෑ අත්පත් කරගැනීමට උත්සාහ දරන්නේ නම්, ඒවා මැඬපැවැත්වීමට ද මෙම පනත මඟින් හැකියාව ලැබෙන බව ද ඇමැතිවරයා කිවේය.
“මෙය ඉතා සුවිශේෂි පනතක් වෙනවා. මෙමඟින් නීතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනවා. මේ රටට දැන් අලුත් පනත් නැතත් මේ පනත මඟින් සංවිධානාත්මක අපරාධත්, මත්ද්‍රව්‍යයත් යම් ප්‍රමාණයකින් මැඬපවත්වන්නට හැකියාව ලැබෙනවා. යම් අයෙක් නීතිවිරෝධීව මුදල් උපයනවා නම් හෝ ඒ මුදල් මඟින් තවත් බොහෝ දෑ උපයා ගැනීමට කටයුතු කරන්නේ නම්, ඒ උත්සාහ ව්‍යාර්ථ කීරීමට මේ පනත මඟින් හැකියාව ලැබෙනවා” යැයිද හෙතෙම මෙහිදී පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart