
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු සෞඛ්‍ය ඇමැතිවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, චන්න ජයසුමන සහ කෙහෙළිය රඹුක්වැල්ල යන අයගේ පාලන කාලයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිදුවූ දූෂණ හා වංචා සම්බන්ධයෙන් දිගින් දිගටම විගණනය කරුණු විමසන නමුත් අදාළ කරුණු ලබා දීමට වර්තමාන සෞඛ්‍ය බලධාරීන් කටයුතු නොකරන බවට නවතම විගණන වාර්තාවන්ට අනුව හෙළිවී ඇති බවත්, එමනිසා ඒ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙසත්,සමගි ජන බලවේගයේ දූෂණ විරෝධි බලවේගයේ උපසභාපති, වෛද්‍ය චමල් සංජීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබේ.
කොවිඩ් එන්නත් ලක්ෂ හැත්තෑවක් පමණ සීමාව ඉක්මවා මිලදීගැනීමෙන් රජයට ඩොලර් මිලියන 70කට අධික පාඩුවක් සිදුවීම සම්බන්ධව විගණකාධිපතිවරයා දිගින් දිගටම කරුණු විමසා ඇත. එහෙත් වර්තමාන සෞඛ්‍ය නිලධාරීන් අදාළ කරුණු වසන්කරන බවට නවතම විගණන වාර්තාව සඳහන් කර ඇතැයි ද වෛද්‍ය චමල් සංජීව පවසයි.
මෙම කාලසීමාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලතල දැරූ වර්තමාන සෞඛ්‍ය ලේකම් අනිල් ජාසිංහ සහ වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන් මේ ආකාරයට තොරතුරු ලබා නොදීසිටීම හරහා පසුගිය කාලසීමාවේදි සිදු වූ බොහෝ දූෂණ යටපත් වියහැකි බවද ඔහු පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙසට වෛද්‍ය චමල් සංජීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකරගෙන් පෙරේදා (19) ඉල්ලීමක් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ විදේශ ඒවා නියුක්ති කාර්යාංශය මඟින් ඖෂධ මිලදී ගැනීම සඳහා පරිත්‍යාග කළ රුපියල් මිලියන 900කට ආසන්න මුදලක් අවභාවිත වී ඇති බවට විගණනය මඟින් පෙන්වාදෙන කරුණ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ද ඔහු ඉල්ලා ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය ඖෂධ සංස්ථාව, ඖෂධ නියාමන අධිකාරිය, වෛද්‍ය සැපයුම් ඒකකය හා රට පුරා ප්‍රධාන පෙළේ රෝහල් 25ක දූෂණ සම්බන්ධව නවතම විගණන වාර්තාවෙන් පෙන්වාදුන් කරුණු සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු කිරීමට ජනාධිපතිවරයා ද කටයුතු කළ යුතු බවද අවධාරණය හෙතෙම කරයි.
එසේ නොවන්නේ නම්, මෙම දූෂිත නිලධාරීන් සමඟ සෞඛ්‍ය පද්ධතිය ගොඩනැඟිය නොහැකි බවට ජනාධිපතිවරයාට අවබෝධ විය යුතු බවත් වෛද්‍ය චමල් සංජීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී ජනමාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart