October 21, 2025

හික්කඩුව මහවත්ත ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර වෙඩිතැබිමක් සිදුව තිබේ.

T56 ගිනි අවියකින් වෙඩිතැබීම සිදු කර ඇති අතර ඉන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුඩ්ලර් පවසයි.

ඊයේ රාත්‍රී 10.30 ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු නිවසට වෙඩි පහර 04 ක් එල්ල කර පළාගොස් තිබේ.

නිවෙස් හිමියන්ගේ පුතුන් ඉතාලියේ ජීවත්වන බවත්, ඔවුන් අතර එහිදි ඇති වූ පෞද්ගලික ආරවුලක් වෙඩිතැබිමට හේතුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.