October 19, 2025

මැති­ව­රණ විය­දම් නියා­මන පන­තට අනුව විය­දම් වාර්තා ලබා­නො­දුන් මැති­ව­රණ අපේ­ක්ෂ­ක­යන් 2,000කට ආසන්න පිරි­ස­කට නඩු පවරා ඇතැයි පොලී­සිය මැති­ව­රණ කොමි­ෂන් සභා­වට දැනුම් දී තිබෙන බව එම කොමි­ෂන් සභාවේ සභා­පති ආර්.එම්.එල්.ඒ. රත්නා­යක ‘සිළු­මි­ණට’ පවසා ඇත.

2024 සැප්තැ­ම්බ­රයේ පැවති ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූ අපේ­ක්ෂ­ක­යන් 13ක්, 2024 නොවැ­ම්බ­රයේ පැවැති පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූ අපේ­ක්ෂ­ක­යන් 1,700කට වැඩි පිරි­සක් සහ පළාත් පාලන මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූ අපේ­ක්ෂ­ක­යන් පිරි­සක් මේ අතර සිටින බවද සභා­ප­ති­ව­රයා සඳ­හන් කර තිබේ.

පළාත් පාලන මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වී, එම විය­දම් වාර්තා ලබා­නො­දුන් විශාල පිරි­සක් සිටින බවද, ඔවුන්ට එරෙ­හිව නඩු පැව­රීමේ කට­යුතු තව­මත් අව­සන් වී නැති බවද පොලී­සිය කොමි­ස­මට දැනුම් දී ඇතැ­යිද කළ විම­සී­ම­කට පිළි­තුරු දෙමින් සභා­ප­ති­ව­රයා වැඩි­දු­ර­ටත් පවසා ඇත.

2023 අංක 3 දරන මැති­ව­රණ විය­දම් නියා­මන පන­තට අනුව සෑම මැති­ව­ර­ණ­ය­ක­ටම ඉදි­රි­පත් වන සියලු අපේ­ක්ෂ­ක­යන් මැති­ව­රණ විය­දම් වාර්තා ලබා­දිය යුතුය.

මේ පනත යටතේ පැවැත්වූ ප්‍රථම මැති­ව­ර­ණය 2024 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යයි.

පන­තට අනුව මැති­ව­ර­ණ­ය­කට ඉදි­රි­පත් වන සියලු අපේ­ක්ෂ­ක­යන් මැති­ව­ර­ණය අව­සන් වී දින 21ක් තුළ තම විය­දම් වාර්තා භාර දිය යුතුය.

මේ පන­තට අනුව මැති­ව­ර­ණ­යක් සඳහා නාම­යෝ­ජනා භාර ගැනී­මෙන් දින 5කට පසු මැති­ව­රණ කොමි­සම මඟින් එම මැති­ව­ර­ණ­යේදී එක් එක් අපේ­ක්ෂ­ක­යන්ට ඡන්ද­දා­ය­ක­යකු වෙනු­වෙන් වැයකළ හැකි විය­දම් සීමාව පැන­විය යුතුය.