October 17, 2025

ස්වාධීන කොමිෂන් සභා පත් කර ඇත්තේ නිර්දේශපාලනීකරණය සඳහා බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

බැවින් ඒවා දේශපාලනීකරණයට ලක්වුවහොත් ස්වාධීනත්වයේ වටිනාකමක් නොමැති වනු ඇතැයි මන්ත්‍රීවරයා පැවසුවේය.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින් කටයුතු කිරීමේ වැදගත්කම ආණ්ඩුවට පෙන්වා දෙන බවයි.

මෙම සියලු සාධනීය පියවරයන්ගේ ප්‍රතිලාභ හිමිවිය යුත්තේ ජනතාවට මිස දේශපාලන පක්ෂ සඳහා නොවන බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.