October 17, 2025

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ගේ වංචනික ඡායාරූප ෆේස්බුක් හි පළකිරීමෙන් මිලියන ගණනක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක කල්ලියකට අයත් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වංචාව සඳහා භාවිත කළ ස්මාර්ට් ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.

කඩවත, ජා-ඇල සහ කිරිබත්ගොඩ යන ප්‍රදේශවල දරුවන්ගේ දෙමාපියන්ගේ පැමිණිලි මත සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඉක්මන් සුවය පතා ඔවුන්ගේ දෙමාපියන් විසින් විවිධ ආගමික ස්ථානවලට යවන ලද දරුවන්ගේ ඡායාරූප සැකකරුවන් ලබාගෙන මූල්‍ය ආධාර ඉල්ලා සිරස්තල සහිතව ෆේස්බුක් හි පළකර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.