
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට අදාළව වෘත්තීය සමිති නියෝජිතයන් සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි අතර ඉකුත් දා පැවැති සාකච්ඡාවට පැමිණ ඊට බාධා කිරීමේදී, ආරක්ෂක නිලධාරීන් විසින් අමාත්‍යංශ පරිශ්‍රයෙන් පිටතට රැගෙන ගිය එම් ජී.ජී.එස්. ගමගේ නමැත්තා ලංකා විදුලිබල මණ්ඩලයට අනියුක්තව සේවය කර වැඩතහනමට ලක්වූ අයෙකු බව වාර්තා වේ.
කෙසේවෙතත් එම කලහකාරී අවස්ථාවේදී ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසුවේ, තමන් ඒකාබද්ධ ජාතික නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා බවයි.
උතුරු මැද පළාතේ ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු ඒකකයට අනියුක්තව සිටි එම පුද්ගලයාට එරෙහිව පාරිභෝගිකයින්ගෙන් මුදල් ඉල්ලා සිටීම ඇතුළුව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා එහිදී ලබාදුන් අවස්ථා ද පැහැර හැරීම හේතුවෙන් ඉකුත් ජූනි 18 වැනිදා වැඩතහනමට ලක්කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව වැඩතහනමට ලක්ව සිටින කාලය තුළ ඔහුට කිසිදු වැටුප් ගෙවීමක් සිදු නොකරන බවත්, එම කාලය තුළ ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයාගේ නිසි අවසරයකින් තොරව එම මණ්ඩලයේ කිසිඳු පරිශ්‍රයකට ඇතුළුවීම ද ඔහුට තහනම් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart