October 15, 2025

බංග්ලාදේශයේ ඇඟලුම් කම්හලක සහ යාබද රසායනික ගබඩාවක ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 16 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව එරට බලධාරීන් ප්‍රකාශ කර ඇත.

ගින්නට හේතුව දැනට නොදන්නා බව ගිනි නිවන සේවා අධ්‍යක්ෂ තාජුල් ඉස්ලාම් චෞද්රි පැවසීය.

“ඇඟලුම් කම්හලේ දෙවැනි සහ තුන්වැනි මහල්වලින් මළ සිරුරු දහසයක් සොයාගෙන තිබෙනවා,” යනුවෙන් ඔහු පැවසුවේ, ප්‍රතිසාධන මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව සඳහන් කරමිනි.

ඩකා අගනුවර මිර්පූර් ප්‍රදේශයේ පිහිටි සිව් මහල් කර්මාන්ත ශාලාවේ තුන්වැනි මහලේ ඊය් දහවල් පමණ ගින්න හටගත් අතර, පසුව බ්ලීචිං කුඩු, ප්ලාස්ටික් සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගබඩා කර තිබූ රසායනික ගබඩාවකට පැතිර ගොස් ඇති බව ගිනි නිවන දෙපාර්තමේන්තු නිලධාරියකු වන තල්හා බින් ජාෂිම් පැවසීය.

ගිනි නිවන භටයන් පැය තුනකට ආසන්න කාලයකට පසු කර්මාන්තශාලා ගින්න පාලනය කළ නමුත් ගබඩාවේ ගින්න දිගටම පැවතිණි.

ශෝකයෙන් පෙළෙන ඥාතීන් තම ආදරණීයයන් සෙවීමට රැස්ව සිටියහ.

“මගේ දුව එතන වැඩ කළා. ගින්න ගැන ආරංචි වුණාම මම දුවගෙන ආවා. නමුත් මට තාම එයාව හොයාගන්න බැරි වුණා…. මට මගේ දුවව ආපහු ඕනේ.” කියමින් කළු පැහැති සුන්බුන් ඉදිරිපිට, පියෙක් තම දියණිය වන ෆර්සානා අක්තර් සොයමින් සිටිනු දක්නට ලැබිණි.

චෞද්රි පැවසුවේ කර්මාන්ත ශාලාවේ හිමිකරුවන් තවමත් හඳුනාගෙන නොමැති බවයි.

“පොලිසිය සහ හමුදාව ඔවුන් සොයා ගැනීමට උත්සාහ කරනවා,” යැයි ඔහු පැවසීය.

ඇඟලුම් කම්හලට හෝ රසායනික ගබඩාවට අනුමැතියක් හෝ කිසිදු ගිනි ආරක්ෂණ සැලැස්මක් නොතිබූ බව ඔහු තවදුරටත් පැවසීය.

මූලික සොයාගැනීම් මත පදනම්ව, ඇඟලුම් කම්හලට ග්‍රිල් කළ දොරක් සහිත ටකරන් වහලක් තිබූ අතර එය අගුළු දමා තිබිණි.

“සේවකයන්ට උඩ තට්ටුවලට ළඟා වෙන්න බැරි වුණා. රසායනික පිපිරීමෙන් විෂ වායුව නිකුත් වී ඇති අතර, බොහෝ දෙනෙක් සිහිසුන් වීමෙන් ගොඩනැගිල්ල ඇතුළේ සිරවෙලා. ඔවුන්ට ඉහළට හෝ පහළට පැන ගන්න බැරිවෙලා,” යනුවෙන් ඔහු පැවසීය.

වින්දිතයන් ඉතා දරුණු ලෙස පිළිස්සී ඇති බවත්, ඔවුන් හඳුනා ගැනීමට ඇති එකම මාර්ගය DNA පරීක්ෂණය විය හැකි බවත් ඔහු පැවසීය.

බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධානී මුහම්මද් යූනුස් ශෝක පණිවිඩයකින් දැඩි ශෝකය පළ කළ අතර වින්දිතයන්ට සහ පවුල්වලට විමර්ශනය කර සහාය දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

දුර්වල ගිනි නිවීමේ සහ ගොඩනැගිලි ආරක්ෂණ ප්‍රමිතීන් හේතුවෙන් සෑම වසරකම බංග්ලාදේශයේ මෙවැනි ව්‍යසන දුසිම් ගණනාවක් වාර්තා වේ.

අතීත අනතුරු හේතුවෙන් මිලියන 4ක ජනතාවක් සේවය කරන අතර රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 10% කට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන රටේ ඇඟලුම් අංශය අඩපණ කිරීමට හේතුවකි.

2012 දී, ගෝලීය වෙළඳ නාම සැපයූ ටස්රීන් ෆැෂන්ස් හි ඇති වූ ගින්නකින් සේවකයන් 112 දෙනෙකු මිය ගොස් තිබිණි.

ඉන් වසරකට පසුව, අට මහල් රානා ප්ලාසා ගොඩනැගිල්ල කඩා වැටී, ඇඟලුම් සේවකයන් 1,135 දෙනෙකු මිය ගිය ගියේය.