
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇති වී තිබෙන තත්ත්වය මත තමන්ට තවදුරටත් ගල්කිස්ස අධිකරණ මුරපොළේ රාජකාරි කිරීමට නොහැකි බැවින් වෙනත් ස්ථානයකට මාරුවීමක් ලබාදෙන ලෙස කළ ඉල්ලීමකට අනුව පොලිස් කොස්තාපල් තරින්ද දිල්හාන්ට පිළියන්දල පොලිසියට මාරුවීමක් ලබාදී ඇත.
ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී නීතිඥවරයකු සමග ඇති වූ ගැටලුකාරී සිද්ධිය නිසා මින් ඉදිරියට අධිකරණ මුරපොළේ රාජකාරි කිරීමට අපහසු බව අගතියට පත් වූ පොලිස් නිලධාරියා උසස් නිලධාරීන්ට දැනුම් දී ඇත.
ඒ අනුව එම නිලධාරියා ස්ථාන මාරුවීම් ලබාගැනීමට කැමැත්ත පළකර ඇති අතර පිළියන්දල පොලිසිය වෙත ඔහුට මාරුවීමක් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
මෙම නිලධාරියාගේ බිරිඳ ද ගල්කිස්ස අධිකරණයේ ලිපිකාර සේවයේ රැකියාව කරන බවද වාර්තා වෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart