October 14, 2025

තෙවැනි දින­ටත් මොර­ග­හ­කන්ද ජලාශ පතු­ලෙන් තවත් ජීව පත­රොම් දහ­ස­කට ආසන්න ප්‍රමා­ණ­යක් සොයා­ගැ­නී­මට ආර­ක්ෂක අංශ සමත් වෙයි.

පසු­ගි­යදා (11) මොර­ග­හ­කන්ද ජලා­ශයේ ධීවර කට­යු­තු­වල නිරත ධීව­ර­යෙකු විසින් නාඋල පොලිස් ස්ථානා­ධි­පතිවරයාට දුර­ක­ත­නය ඔස්සේ ලබා­දුන් තොර­තු­ර­කට අනුව මොර­ග­හ­කන්ද ජලා­ශයේ නැර­ඹුම් මධ්‍ය­ස්ථා­න­යට පහ­ළින් සිදු­කළ සෝදිසි මෙහෙ­යු­ම්ව­ලදී ජීව පත­රොම් 1100ක් සොයා­ගන්නා ලදි.

පසුව ඊයේ (13) දඹුල්ල, ලග්ගල, විල්ග­මුව, මහ­වෙල, යට­වත්ත සහ නාඋල පොලි­ස්ථා­න­වල නිල­ධා­රීන් සහ දඹුල්ල විශේෂ කාර්ය බළකා සෙබ­ළුන් ඇතුළු ධීවර ප්‍රජාව ද එක්ව අදාළ පත­රොම් හමුවූ ස්ථානය සහ අවට ප්‍රදේ­ශයේ විශේෂ මෙහෙ­යු­මක් සිදු­ක­රන ලදි.

එහිදී පෙර­වරු නවය පමණ වන විට යළි ජීව පත­රොම් දහ­ස­කට ආසන්න ප්‍රමා­ණ­යක් සොයා ගැනී­මට ආර­ක්ෂක අංශ සමත් විය.

ඒ අනුව මේ වන විට මොර­ග­හ­කන්ද ජලාශ පතු­ලෙන් සොයා­ගෙන ඇති ජීව පත­රොම් ප්‍රමා­ණය 2000 ඉක්මවා තිබේ.

ඊයේ දින හමුවූ ජීව උණ්ඩ අතර T 56 උණ්ඩ මෙන්ම five zero හෙවත් ගුව­න්යානා නාශක උණ්ඩ ද පව­තින බව ආර­ක්ෂක අංශ තවුරු කළේය.

මෙම ජීව උණ්ඩ හමු­වී­මත් සමඟ අදාළ ප්‍රදේ­ශ­යට දැඩි ආර­ක්ෂක රැක­වල් යොදා ඇති අතර, තව­දු­ර­ටත් සෝදිසි මෙහෙ­යුම් සිදු­ක­රනු ලබයි.(දිනමිණ)