
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තෙවැනි දිනටත් මොරගහකන්ද ජලාශ පතුලෙන් තවත් ජීව පතරොම් දහසකට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීමට ආරක්ෂක අංශ සමත් වෙයි.
පසුගියදා (11) මොරගහකන්ද ජලාශයේ ධීවර කටයුතුවල නිරත ධීවරයෙකු විසින් නාඋල පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතනය ඔස්සේ ලබාදුන් තොරතුරකට අනුව මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානයට පහළින් සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ජීව පතරොම් 1100ක් සොයාගන්නා ලදි.
පසුව ඊයේ (13) දඹුල්ල, ලග්ගල, විල්ගමුව, මහවෙල, යටවත්ත සහ නාඋල පොලිස්ථානවල නිලධාරීන් සහ දඹුල්ල විශේෂ කාර්ය බළකා සෙබළුන් ඇතුළු ධීවර ප්‍රජාව ද එක්ව අදාළ පතරොම් හමුවූ ස්ථානය සහ අවට ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් සිදුකරන ලදි.
එහිදී පෙරවරු නවය පමණ වන විට යළි ජීව පතරොම් දහසකට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් විය.
ඒ අනුව මේ වන විට මොරගහකන්ද ජලාශ පතුලෙන් සොයාගෙන ඇති ජීව පතරොම් ප්‍රමාණය 2000 ඉක්මවා තිබේ.
ඊයේ දින හමුවූ ජීව උණ්ඩ අතර T 56 උණ්ඩ මෙන්ම five zero හෙවත් ගුවන්යානා නාශක උණ්ඩ ද පවතින බව ආරක්ෂක අංශ තවුරු කළේය.
මෙම ජීව උණ්ඩ හමුවීමත් සමඟ අදාළ ප්‍රදේශයට දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති අතර, තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart