
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ කෙම්පෙගවුඩා අන්තර්ජාතික ගුවන්තොටුපොළේ මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය මගින් ගංජා කිලෝග්‍රෑම් 45.4 ක් සහ සයිලොසයිබින් හතු කිලෝග්‍රෑම් 6ක් සමග ශ්‍රී ලාංකිකයකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලාංකිකයා ශිව් කුමාර් නමැත්තකු බව හඳුනාගෙන ඇති අතර ඉන්දීය ජාතිකයන් දෙදෙනා යූසුෆ් බිහාරි සහ ෂාහුල් හමීඩ් නමැත්තන් බව හඳුනාගෙන තිබේ.
ඉන්දීය බලධාරීන් පවසන්නේ, සැකකරුවන් සමග සොයාගැනුණු මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 50ක් බවයි.
මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ බැංගලෝර් කලාප ඒකකයේ ප්‍රකාශයට අනුව එම කාර්යාංශය තායිලන්තයේ සිට හයිඩ්‍රොපොනික් ගංජා ප්‍රවාහනයට සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු රැස්කර ඇත.
එම තොරතුරු අනුව සිදුකළ විමර්ශනවලදී ශ්‍රී ලංකාවේ සිට ළඟාවූ ගුවන් යානයක සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී, ජාවාරම මෙහෙයවූ බව කියන ශිව් නමැත්තා වෙනත් ගුවන් යානයකින් පැමිණෙන බව පවසා තිබේ.
ඒ අනුව නිලධාරීන් ගුවන් තොටුපොළේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු සන්තකයේ තිබී හයිඩ්රො ගංජා කිලෝග්‍රෑම් 14 ක් සහ සයිලොසිබින් හතු කිලෝග්‍රෑම් 2 ක් සොයාගෙන ඇත.
එම සැකකරු ආහාර ටින් 250ක් පමණ තුළ මත්ද්‍රව්‍ය ඉතා සූක්ෂම ලෙස සඟවා රැගෙනවිත් ඇති අතර ඒවා අනාවරණය වීමෙන් වැලැක්වීම සඳහා මුද්‍රා තබා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart