October 13, 2025

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළ නීතිඥවරයෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් කොස්තාපල්වරයාට අද දින සිද්ධිය සම්බන්ධයෙන් ඇප නියම කිරීමෙන් පසු ඔහුට විශාල මහත් පිළිගැනීමක් හිමිවිය.

අද දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත පොලිස් කොස්තාපල්වරයා නිදහස් කරන ලදී.

සිකුරාදා (10) ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළ වාහනයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකදී නීතිඥවරයකුට පහරදුන් බවට චෝදනා එල්ල වී ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

ඇප මත මුදාහැරීමෙන් පසු, පොලිස් කොස්තාපල්වරයාට විශාල පිළිගැනීමක් ලැබුණු අතර, එහි රැස්ව සිටි බොහෝදෙනෙක් ඔහුගේ වාහනය වටකරගෙන, සුබ පැතුම් කියමින් කෑ ගසමින් සහ පසුව ඔහුව කර මතින් රැගෙන යෑමට කටයුතු කළහ.