
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චිත්‍රපටි 65ක හාස්‍යෝත්පාදක නළුවෙක් ලෙස රංගනයෙන් දායක වූ සූරී, වීරයාගේ චරිතය නිරුපණය කළ පළමු චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 51ක ආදායම් වාර්තාවක් තබා ඇත.
විඩුදලයි නම් මෙම චිත්‍රපටය 2023 ඉන්දියානු දෙමළ භාෂා අපරාධ-ත්‍රාසජනක චිත්‍රපටයක් ලෙස වේට්‍රිමාරන් විසින් රචනා කර අධ්‍යක්ෂණය කර තිබේ.
එය බී. ජෙයමෝහන් විසින් රචිත “තුනයිවන්” යන කෙටි කතාවේ අනුවර්තනයකි.
චිත්‍රපටයට සූරී, විජයි සේතුපති, භාවනි, ගෞතම් වසුදෙව් මෙනන්, රාජිවූ මෙනන් සහ ඉලවරසු රංගනයෙන් දායක වී ඇත.
2023 මාර්තු 31වැනිදා ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹු එය, විචාරකයන්ගේ පැසසුමට ලක් විය.
විචාරකයන්, නළු නිළියන්ගේ රංගනය (විශේෂයෙන් සූරී සහ විජයි සේතුපති) සහ වෙට්‍රිමාරන්ගේ අධ්‍යක්ෂණය අගය කර ඇත.
ආදායම් වාර්තා අනුව, ලොව පුරා එය නිකුත් වූ පළමු දිනයේ රුපියල් කෝටි 3.5ක් උපයා ඇති අතර, මේ වනවිට ලොව පුරා උපයා ඇති මුළු ආදායම රුපියල් කෝටි 51.20කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart