
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නුවරඑළියට මත්කුඩු බෙදන ප්‍රධාන ජාලය හඳුනාගත් නුවරඑළිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කඩවත පහළ බියන්විල ප්‍රදේශයේ නිවෙසක් වටළා කළ පරීක්ෂා කිරීමේදී රුපියල් කෝටි 40කට ආසන්න වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය කිලෝ 14කට අධික ප්‍රමාණයක් සමඟ අනියම් අඹු-සැමි යුවළක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
සොයාගත් මත්ද්‍රව්‍ය අතර හෙරොයින් කිලෝ 12යි ග්‍රෑම් 90ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රෑම් 490ක්, කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 2යි ග්‍රෑම් 300ක්, හෂිෂ් මත්ද්‍රව්‍ය කිලෝ 02යි ග්‍රෑම් 410ක් ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. මත්ද්‍රව්‍ය කිරීමට යොදා ගන්නා විදත් තරාදියක්ද පොලීසිය මෙහිදී සොයාගෙන ඇත.
මෑතක දී මුහුදු මාර්ග ඔස්සේ මෙන්ම ගුවන් මඟින් විශාල මත්ද්‍රව්‍ය තොගයක් විදේශගතව සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන රත්මලානේ රසල් නමැත්තා විසින් මෙරටට ඒවා ඇති බවට තොරතුරුද විමර්ශනවලින් හෙළිවී තිබේ. කඩවත නිවෙසින් සොයාගත් මත්ද්‍රව්‍ය තොගය එසේ රැගෙන ආ මත්ද්‍රව්‍යවලින් කොටසක් බවට පොලීසිය සැකකරයි.
නුවරඑළියේ සංචාරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් මෙන්ම වතුකරයේ තරුණයන් ඉලක්ක කරගෙන බෙදාහැරීමට මෙම මත්ද්‍රව්‍යවලින් කොටසක් නුවරඑළියට ගෙන ඒමට සූදානම් කර තිබී ඇති බව සඳහන්ය.
නුවරඑළිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් කළ වැටළීමකදී අත්අඩංගුවට ගත් මත්කුඩු ලෝලියෙක් සම්බන්ධයෙන් කළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස නුවරඑළියට මත්කුඩු බෙදාහැරීමේ ජාලය ගැන තොරතුරු හෙළිවී තිබේ.
මෙම මත්කුඩු තොගය සඟවා තිබූ කඩවත පහළ බියන්විල නිවෙස කුලී පදනම මත ලබාගත් එකක් බව අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් කාන්තාව 32 හැවිරිදි තලවිල පදිංචිකාරියකි. පිරිමි පුද්ගලයා 29 වියැති මොරටුව අඟුලානේ පදිංචිකරුවෙක් බව පොලීසිය සඳහන් කළේය.
මෙම අනියම් අඹුසැමි යුවළ සමඟ මත්කුඩු තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරේදා (08)ය.
වැඩිදුර විමර්ශන සඳහා මෙම යුවළ කඩවත පොලිස් ස්ථානයට භාර දී ඇත.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart