
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මිරිහාන සහ හෙට්ටිපොළ ප්‍රදේශවල සිදු වූ ඛේදජනක අනතුරුවලින් ළමුන් දෙදෙනකු මියගොස් ඇති බව වාර්තා වේ.
ඊයේ සවස නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි පිහිනුම් තටාකයේ ගිලී වයස අවුරුදු 05ක පිරිමි ළමයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.
දරුවා අධ්‍යාපනය ලබන පෙරපාසලේ ගුරුවරයකු සහ තවත් සිසුන් පිරිසක් සමඟ පිහිනුම් පුහුණුකරුවකු යටතේ පුහුණුව ලබමින් සිටියදී දරුවා දියේ ගිලී ඇති බව පොලිසිය සඳහන් කරයි.
දියේ ගිලිණු දරුවා එම අවස්ථාවේදීම කළුබෝවිල රෝහලට ඇතුළත් කළ ද ඔහු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මේ අතර, ඊයේ පස්වරුවේ හෙට්ටිපොළ, දිවුල්වැව – බොරළුවැව මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් 12 හැවිරිදි දැරියක් මියගොස් ඇති බව වාර්තා විය.
පොලිසියට අනුව, යතුරුපැදියක් වංගුවක් අසලදී වේගය අඩුකර ඇති අතර එහිදී අදාළ යතුරුපැදිය පිටුපසින් පැමිණි වෙනත් යතුරුපැදියක ගැටී තිබේ.
පිටුපසින් ගමන් කළ යතුරුපැදියේ පැදිකරුට එය පාලනය කර ගැනීමට නොහැකිව පෙරළී ගොස් ඇති අතර, පසුව ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් ඔහු සහ පසුපැදිකරු ලෙස සිටි දැරිය මියගොස් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart