
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (08දා) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබූ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ වර්තමාන අතිරේක ලේකම්වරිය ඇප මත මුදාහැර ඇත.
අත්අඩංගුවට පත්වූ සැකකාර රාජපක්ෂ පතිරගේ සේපාලිකා සමන් කුමාරි නම් ඇය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප නියම කෙරිණ.
මහවැලි අධිකාරිය සතු ඉඩමක් සම්බන්ධයෙන් සිදු වූ බවට සැකකෙරෙන වන්දි වංචාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් වන්දි ගෙවීමේ කාර්යාලයේ හිටපු වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරිය අත්අඩංගුවට ගෙන තිබිණි.
අල්ලස් කොමිසමට අනුව, සැකකාරිය දැනට අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය ලෙස සේවය කරන අතර ඊයේ උදෑසන අත්අඩංගුවට ගැනිණි.
2022 ‘අරගලය’ විරෝධතාවයේදී හානි වූ මහවැලි අධිකාරියේ දේපළකට, විශේෂයෙන් ගිනි තැබූ කිරිබ්බන්වැව භූමියට වන්දි ගෙවීමේ ක්‍රියාවලියේදී හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සමඟ කුමන්ත්‍රණය කළ බවට ඇයට චෝදනා එල්ල වී තිබේ.
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි අල්ලස් විමර්ශනයේ දෙවැනි සැකකරු ලෙස මෙම නිලධාරිනිය හඳුනාගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart