October 7, 2025

මගී ප්‍රවාහන වාහන වල මාසිකව තත්ත්ව පරීක්ෂාවක් සිදුකිරීම නීතියක් බවට පත්කිරීමට පියවර ගන්නා බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

ජනවාරි 1 වැනිදා සිට එය නීතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව එහි සභාපති මංජුල කුලරත්න සඳහන් කරයි.