
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණ අවසරයකින් තොරව නීතිවිරෝධී ලෙස නීතිඥවරයකුගේ නිවසට ඇතුළු වී සෝදිසි කළ බවට චෝදනා කරමින් යාපනයේ නීතිඥවරු අද වැඩවර්ජනයක නිරත විය.
යාපනයේ ඉඩම් ඔප්පු වංචාවට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටින නීතිඥවරුන් කිහිපදෙනකුට එරෙහිව පොලිස් පරීක්ෂණ පැවැත්වෙන අතරතුර මෙම වර්ජනය සිදුකෙරිණි.
ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින එවැනි නීතිඥවරයකු අත්අඩංගුවට ගැනීමේ අරමුණින් පොලිස් නිලධාරීන් ඔහුගේ නිවසට ඇතුළු වී නිවස තුළ සෝදිසි මෙහෙයුමක් සිදුකළ බව වාර්තා වේ.
කෙසේවෙතත්, අධිකරණයෙන් පූර්ව අනුමැතියක් හෝ වරෙන්තුවක් ලබානොගෙන සෝදිසි කිරීම සිදුකළ බවට පොලිසියට චෝදනා එල්ල වී තිබේ.
ඊට ප්රතිචාර වශයෙන්, පොලිසියේ ක්රියාමාර්ග හෙළාදකිමින් නීතිඥවරු අධිකරණය ඉදිරිපිට විරෝධතා පෙළපාලි පැවැත්වූහ.
මේ අතර, ඉඩම් වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නීතිඥයන්, පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම් වැළැක්වීම සඳහා හෙට අධිකරණයේ අපේක්ෂිත ඇප අයදුම්පත් ගොනුකිරීමට නියමිත බව ද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart