
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මරදාන, පංචිකාවත්ත ප්‍රදේශයේ වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවකු කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත සැකකරු ඊයේ (04) මරදාන පොලිස් කොට්ඨාසය තුළ අබේසිංහාරාම පාරේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී, ඔහු සතුව තිබී ‘අයිස්’ නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22 යි මිලිග්‍රෑම් 200ක් ද පොලිසිය විසින් සොයා ගන්නා ලදී.
සැකකරු ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයකු ලෙස හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.
වැඩිදුර පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ 2025 සැප්තැම්බර් 6 වවැනිදා මරදාන පොලිස් කොට්ඨාසය තුළ පංචිකාවත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකට සම්බන්ධ තුවක්කුකරු සැකකරු බවයි.
කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, අපරාධයට සම්බන්ධ යතුරුපැදිකරු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart