
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පුද්ගලයන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සහ බන්ධනාගාරගත කෙරෙන පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ යෑම හමුවේ බන්ධනාගාරවල ඇතිවන තදබදය හේතුවෙන් ශ්‍රී ලංකාව මේවනවිට අභියෝග රැසකට මුහුණ දී සිටියි.
ඒ හමුවේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා පීඩාවට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව වැඩිවීම කළමනාකරණය කිරීමට ඔවුන් ඵලදායී පුනරුත්ථාපන ක්‍රියාවලියක් සඳහා යොමුකිරීමේ අභියෝගයක් ද බලධාරීන් හමුවේ පවතී.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත කරන පිරිස ඉහළ යෑම හමුවේ වැඩිදියුණු කළ පුනරුත්ථාපන වැඩසටහන් සඳහා ඇති අවශ්‍යතාවය ද සමාජය තුළ පැනනැගී ඇත.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ සංඛ්‍යාව වැඩිවීමට ප්‍රතිචාර වශයෙන්, දුසිම් ගණනක් කාන්තාවන් ඇතුළුව පුද්ගලයින් 500කට ආසන්න සංඛ්‍යාවක් පුනරුත්ථාපනය සඳහා පහසුකම් සැලසිය හැකි බව පුනරුත්ථාපන කාර්යාංශය, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට දන්වා ඇතැයි වාර්තා වේ.
කන්දකාඩු, සේනපුර සහ වවුනියාව යන ප්‍රදේශවල මධ්‍යස්ථාන තුනක් එම කාර්යාංශය යටතේ ක්‍රියාත්මක අතර එම ස්ථාන තුළ සාමූහිකව පුද්ගලයින් 1,120 දෙනෙකු දක්වා රඳවා තබාගැනීමේ හැකියාව පවතී.
එම මධ්‍යස්ථාන තුළ දැනට කාන්තාවන් 97 දෙනකු ඇතුළුව පුද්ගලයන් 625 දෙනෙකු පුනරුත්ථාපනය වෙමින් සිටින අතර, අධිකරණ නියෝග යටතේ පවත්වන ලද පුනරුත්ථාපන වැඩසටහන් මාස හයක කාලයක් සහ මත්ද්‍රව්‍ය අනිසි භාවිතයට ඇබ්බැහිවූවන් සඳහා පුනරුත්තාපන සේවා ලබාදීම එමගින් සිදුකෙරේ.
කන්දකාඩු මධ්‍යස්ථානයේ පුද්ගලයින් 500 දෙනකුට නවාතැන් ගතහැකි අතර, දැනට 325 දෙනෙක් පුනරුත්තාපනය වෙමින් සිටිති.
සේනපුර මධ්‍යස්ථානයේද 500 දෙනකුට නවාතැන් ගතහැකි අතර, මේ වනවිට එහි මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් 203 දෙනෙක් පමණක් පුනරුත්ථාපනය වෙමින් සිටිති.
කාන්තාවන් 120 දෙනකු සඳහා ධාරිතාවයකින් යුතුව වවුනියාවේ කාන්තාවන් සඳහා විශේෂ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත.
ඒ අනුව, පුනරුත්ථාපන කාර්යාංශයේ කොමසාරිස් බ්‍රිගේඩියර් පී.පී. ප්‍රියලාල්, අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල රඳවා සිටින මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් මෙම මධ්‍යස්ථාන වෙත යොමුකරන ලෙස ඉල්ලා තිබේ.
සංඛ්‍යාලේඛනවලට අනුව, 2025 දී පමණක්, පොලිසිය වැටළීම් 164,785 ක් සිදුකළ අතර, එහිදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 17,647ක් සහ මත්පෙති මිලියන 3.5 කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගෙන ඇත.
එමෙන්ම එම ජාවාරම් සඳහා සම්බන්ධ බවට සැකපිට පුද්ගලයන් 164,000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
රාජසන්තක කරන ලද මත්ද්‍රව්‍ය අතරට හෙරොයින්, මරිජුවානා, මෙතම්ෆෙටමින්, හෂිෂ්, කොකේන් සහ වෙනත් ඖෂධ විශාල වශයෙන් ඇතුළත් වූ අතර, එය රටේ මත්ද්‍රව්‍ය ජාවාරමේ සහ භාවිතයේ පරිමාණය පිළිබිඹු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart