
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නළු-දේශපාලනඥ විජේගේ දේශපාලන පක්ෂය වන තමිලගා වෙට්රි කසාගම් (TVK) හි කරූර්හි දී පැවති රැලියේදී ඛේදවාචකයක් සිදුව තිබේ.
එහිදී දරුවන් කිහිපදෙනකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 29 දෙනකු තෙරපිමකින් මියගොස් ඇත.
දහස් ගණනක් විජේට සවන් දීම සඳහා එම ස්ථානයට රැස්ව ඇති අතර, එය තෙරපීමක් වැනි තත්වයකට හේතුවී තිබේ.
ජනමාධ්‍ය වාර්තාවලට අනුව, විජේ රැස්වීම අමතමින් සිටියදී සෙනඟ පිරී ඉතිරී ගොස් තත්වය පාලනය කළ නොහැකි වී තිබේ.
ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව, රාත්‍රී 7.45 ට පමණ, කරූර්හි වේලුසාමිපුරම් හි පැවති ‘වේලිචම් වේලියෙරු’ (‘ආලෝකය ලැබේවා’) උත්සවයක් වැනි මෙම රැලියට විශාල පිරිසක් රැස්ව සිට තිබේ.
පසුව ඇති වූ තෙරපීමේදී, ඇතැම් දරුවන් ඔවුන්ගේ දෙමාපියන්ගෙන් වෙන්වී ඇති අතර, එහි සිටි ස්වේච්ඡා සේවකයින්ට සහ පොලිසියට කිසිවක් කළ නොහැකිවී තිබේ.
බොහෝදෙනා පෑගී මරණයට පත්ව ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart