September 16, 2025

ක්‍රීඩා ක්ෂේත්‍රයේ පුරාවෘත්තයක් වන ස්විඩනයේ ආමන්ඩ් ඩුප්ලැන්ටිස් රිටි පැනීම පිරිමි ඉසව්වේ පිරිමි ලෝක වාර්තාව 14වැනි වරටත් අලුත්කර තිබේ.

ඒ, ජපානයේ පැවැත්වෙන 2025 මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේදී ය.

ඔහු එහිදී දැක්වූ දක්ෂතාව 6.3m ක් ලෙස සටහන් විය.

විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ, ඔහු එම වාර්තාව පිහිටවූ අවස්ථාව දැකබලා ගැනීම සඳහා ප්‍රේක්ෂකයන් රැසක් ක්‍රීඩාංගණය වෙත පැමිණ සිටි බවයි.

25 හැවිරිදි වියේ පසුවන ආමන්ඩ් ඩුප්ලැන්ටිස් ජපාන ටෝකියෝ අගනුවරදී ලැබූ මෙම මෙම ජයග්‍රහණයෙන් පසුව ගෘහස්ථ හා එළිමහන් තරඟ දෙකෙහිම පිරිනමන පසුගිය ගෝලීය පිරිමි රිටි පැනීමේ රන් පදක්කම් අටකට හිමිකම් කියයි.