September 13, 2025

සියලු දුර ගමන් බස් රථ ගමන් ඇරඹීමට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් සිදුකිරීම අනිවාර්ය කිරීමට රජය පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

වාර්තාවන්ට අනුව ලබන මස සිට මේ කාර්යය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර ආරම්භයක් ලෙස කොළඹ බැස්ටියන් මාවත සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් ජාතික ගමනාගමන කොමිසමේ අධීක්‍ෂණය යටතේ එය ක්‍රියාවට නැංවෙනු ඇත.

එමෙන්ම දුර ගමන් විනෝද චාරිකා බස් රථද මේ තත්ත්ව පරීක්ෂණය සිදු කිරීම අනිවාර්ය කෙරෙන අතර, එම තත්ත්ව පරීක්ෂණයෙන් තොරව කිසිදු දුර ගමන් විශේෂ චාරිකාවක් සඳහා අනුමැතිය හිමිනොවේ.

විශේෂයෙන්ම කි.මී. 100ට වඩා දුර ගමන් ගන්නා බස් රථ සඳහා සහ අන්තර් පළාත් බස් රථ සඳහා යෝග්‍යතා සහතිකයක් එම බස් රථ ධාවනය ආරම්භයට පැය 48කට පෙර ලබාගැනීමද අනිවාර්යයෙන්ම සිදුකළ යුතු වනු ඇත.