
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව අබුඩාබි හිදී සෙනසුරාදා පළමු තරගය ආරම්භ කරන විට දඟපන්දු යවන වනිඳු හසරංග කෙරෙහි දැඩි විශ්වාසයක් තබා තිබේ. ආසියානු කුසලාන තරඟාවලිය ශ්‍රී ලංකාව සහභාගිවන තීරණාත්මක තරඟාවලියකි.
ජූලි මාසයේදී බංග්ලාදේශයට එරෙහිව 2-1 ක T20 තරගාවලියක් පරාජයට පත් වූ චරිත් අසලංක ප්රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම, මෙවර එම අමිහිරි පරාජය ජයග්‍රහණයකින් අවසන් කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටියි. ඒ සඳහා, පුර්ණ ශරීර යෝග්‍යතාවයෙන් නොවුවද, වනිදු හසරංග කණ්ඩායමට පැමිණීම ඔවුන්ගේ වාසියට හරවා ගැනීමට ප්‍රමාණවත් වනු ඇති බවට ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු පසුවේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම T20 කඩුලුලාභියා වන 28 හැවිරිදි පාදඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග, තරග 79 කදී කඩුලු 131 ක් ලබාගෙන ඇති අතර, ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍ය 15.41 ක් වේ. පිතිකරු ජනිත් ලියනගේ සමඟ ඔහු පසුගියදා ශ්‍රී ලංකා සංචිතය සමග එක්විය.
ජූලි මාසයේදී බංග්ලාදේශයට එරෙහිව පැවති එක්දින තරගාවලියේදී ඇති වූ කලවා මාංශපේශි ආබාධය සම්පූර්ණයෙන් සුවනොවී තිබියදීත්, තේරීම් කමිටුව ඔහු ආරම්භක තරගය සඳහා ඇතුළත් කිරීම තහවුරු කර ඇත. “මේ මොහොතේ ඔහු සියයට සියයක්ම පුර්ණ ශරිර යෝග්‍යතාවයෙන් ඉන්නවා කියල මම කියන්නේ නැහැ,” තේරීම් කමිටු සාමාජික උපුල් තරංග කියාසිටියේය. “නමුත් අපට අපගේ පළමු තරගයට දින හතරක් ඉතිරිව ඇති නිසා හසරංගට ක්‍රීඩා කරන අවසන් ක්‍රීඩකයන් 11 දෙනා අතර එක්වෙන්න හැකි වෙනු ඇතැයි බව මට විශ්වාසයි.” ඔහු සඳහන් කළේය.
පසුගිය තරගවලදී හසරංග ශ්‍රී ලංකා කණ්ඩායාමේ නොමැතිවීම තදින්ම බලපෑ අතර, සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති එක් විස්සයි 20 තරගයකදී මහිෂ්ති ක්ෂණට දවාගැනීමට හැකිවූයේ කඩුලු දෙකක් පමණකි.
2022 ආසියානු කුසලාන අවසන් මහාතරඟයේදී පාකිස්තානයේ පරාජයේ නියමුවා වනිදු හසරංග වූ අතර, එහිදී ශ්‍රී ලංකාවේ හයවැනි ආසියානු කිරුළ ජයගැනීම තහවුරු කරමින් කඩුලු තුනක් දවාගත්තේය. ඔහු එම තරඟාවලිය අවසන් කළේ කඩුලු නවයක් සහ ලකුණු 66 ක් ලබාගනිමින් තරඟාවලියේ වීරයා සම්මානය දිනා ගනිමිනි. .
ජනවාරි මාසයේ නවසීලන්ත සංචාරයෙන් පසු වනිදු හසරංග අන්තර්ජාතික විස්සයි 20 තරඟයකට සහභාගී වී නොමැති අතර, ඔහුගේ නැවත පැමිණීම බොහෝ දෙනා වඩාත් උනන්දුවෙන් අපේක්ෂා කළේය.
මන්දගාමී ෂෙයික් සයීඩ් ක්‍රීඩාංගණයේ තණ තීරුවේ වනිදු හසරංගට මුහුණ දීම පිතිකරුවන්ට භයානක විය හැකිය. අබුඩාබි තණතීරුව මුල් අවධියේදී මන්දගාමී වීම නිසා හසරංගට පිතිකරුවන්ට තම පන්දුවෙන් උපරිම පීඩනයක් එල්ල කිරීමට අවස්ථාව තිබෙනවා,
ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය සහ හොංකොං සමඟ තරඟ වදින B කාණ්ඩය යටතෙයි. කාණ්ඩයේ මුලින් සිටින කණ්ඩායම් දෙකට සුපිරි හතරේ අදියරට පිවිසෙන්න අවස්ථාව හිමිවනවා.
ආරම්භක තරඟයේ ජයග්‍රහණය සැප්තැම්බර් 15 වන දින හොංකොං සහ ඊට දින තුනකට පසුව පැවැත්වෙන ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගයට මුහුණ දීමට පෙර ශ්‍රී ලංකාවට ලැබෙන විශාල අවස්ථාවක් ලෙස සැලකේ. ඒ ඇෆ්ගනිස්ථානයේ දඟ පන්දු යවන්නන් විශාල සංඛ්‍යාවක් සිටින නිසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart