
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇල්ල–වැල්ලවාය මාර්ගයේ පසුගියදා සිදුවූ බස් රථ අනතුරේ දී එම ස්ථානයට පැමිණ හදිසි ප්‍රතිචාර මෙහෙයුම් සඳහා සහය දැක්වීම වෙනුවෙන් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවට පාර්ලිමේන්තුවේදී උපහාර දක්වා තිබේ.
එමී වික්ටෝරියා ගිබ් නමැති එම කාන්තාව ඇල්ල බස් රථ අනතුරෙන් තුවාල ලැබූ මගීන්ට හදිසි සේවා සැපයීමේදී දැක්වූ සහයෝගය වෙනුවෙන් සංචාරක අමාත්‍යාංශය මගින් එය සංවිධානය කර තිබේ.
එම නිලධාරීන් පැවසුවේ හදිසි සේවා පැමිණෙන තෙක් විපතට පත්වූවන් මුදාගැනීමට එම ස්ථානයේ සිටි පිරිස සමග එක්ව අදාළ කාන්තාව අනතුර සිදුවූ ස්ථානයේ රැදීසිටි බවයි.
සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මෙම උත්සවය ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් කෘතඥතාව පළකිරීමක් බවයි.
“ඇගේ පරාර්ථකාමී ක්‍රියාවන් අපට මතක් කර දෙන්නේ මනුෂ්‍යත්වයට දේශසීමා නොමැති බව” යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසුවේය.
අසාමාන්‍ය අභියෝගවලට මුහුණ දෙන සාමාන්‍ය පුද්ගලයන්ගේ කාර්යභාරය මෙම පිළිගැනීමෙන් ඉස්මතු වූ අතර ගෝලීය සහයෝගීතාවයේ ශක්තිය වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන අගය ඉන් පිළිබිඹු කරන බව අමාත්‍යාංශය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart