
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව,පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය සහභාගී වන T20I තුන්කොන් තරගාවලියක් පාකිස්ථානයේදී එළඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය.
තරඟාවලිය නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන අතර, සියලුම කණ්ඩායම් අවස්ථා දෙකකදී ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් සමග තරඟ වැදීමට නියමිතය.
පළමු තරග දෙක රාවල්පින්ඩි හිදී පැවැත්වෙන අතර නොවැම්බර් 29 වැනිදා පැවැත්වෙන අවසන් තරඟය ද ඇතුලුව ඉතිරි තරග 5 ලාහෝර්හිදී පැවැත්වේ.
ඇෆ්ගනිස්ථානය පාකිස්ථානයේදී පාකිස්තානයට එරෙහිව තරග කරන පළමු අවස්ථාව මෙය වේ.
ඇෆ්ගනිස්ථානය 2023 දී ආසියානු කුසලානයේ තරග දෙකකට මෙන්ම මේ වසර මුලදී ශූරයන්ගේ කුසලානය සඳහා ද ඇෆ්ගනිස්ථානයේදී ක්‍රීඩාකර ඇත.
කෙසේවෙතත්, ඔවුන් එම අවස්ථා දෙකේදීම පකිස්ථානයට මුහුණ නුදුන් අතර, මෙම තරඟ මාලාව සැලසුම් කර ඇත්තේ ද දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිරිහෙමින් පවතින පසුබිමක් තුළය.
”පකිස්ථානයේ පැවැත්වෙන පළමු T20I තුන්කොන් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය වෙත සත්කාරකත්වය ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙන් පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී Sumair Ahmed නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේය.
“මෙම ඉසව්ව ලබන වසරේ පැවැත්වෙන ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා විශිෂ්ට සූදානමක් පමණක් නොව, ක්‍රීඩාලෝලීන්ට උද්වේගකර ක්‍රිකට් තරගාවලියකද වනු ඇත.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්ථානයේ තරග වදින්නේ වසර 8ක පමණ කාලයකට පසුවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart