
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එළඹෙන සැප්තැම්බර් 9 සිට 28 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත 2025 ආසියානු කුසලාන තරඟාවලියේ දී ඉන්දියාව සමඟ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන කණ්ඩායම ශ්‍රී ලංකාව විය හැකි බව හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ආකාෂ් චොප්රා පවසයි.
බංග්ලාදේශය කණ්ඩායම් අදියරෙන් ඉවත් වන බවට ඔහු කලින් අනාවැකි පළ කර තිබිණි.
චරිත් අසලංකගේ කණ්ඩායම හොඳින් සන්නද්ධ බවත් ඕනෑම තත්ත්වයකදී සටන් කිරීමට හැකියාව ඇති බවත් චොප්රා විශ්වාස කරයි.
“ඔවුන්ට හැම පැත්තෙන්ම හොඳ සංචිතයක් තිබෙනවා. ශ්‍රී ලංකාව හොඳ කණ්ඩායමක්, සුදුසුකම් ලැබීමට මට ඔවුන්ට සහාය දෙන්න සිදුවේවි. ඔවුන් අවසන් මහා තරඟයට ළඟා වන තරමට හොඳින් ක්‍රීඩා කළත් මම පුදුම වෙන්නේ නැහැ. ඒ නිසා අවසන් මහා තරඟය ඉන්දියාව-ශ්‍රී ලංකාව අතර වෙන්නත් පුළුවන්, ”යැයි චොප්රා සිය යූ ටියුබ් නාලිකාවේ පැවසීය.
සූර්යකුමාර් යාදව්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම A කාණ්ඩයේ ප්‍රතිවාදීන් වන පාකිස්තානය, සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය සමඟ ස්ථානගත කර ඇත.
B කාණ්ඩයේ ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය, හොංකොං සහ බංග්ලාදේශය ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart