
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් දස කෝටි පනස්ලක්ෂයක් වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ‘හරිත මාවත’ ( Green Channel ) ඔස්සේ පිට කරගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගියෙකු ඊයේ (05) උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු ඉන්දියාවේ නවදිල්ලි නුවර සපත්තු වෙළෙදසැළක අලෙවි සේවකයෙකු ලෙස කටයුතු කරන 43 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකි.
ඔහු මෙම ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිලදී ගෙන, ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත පැමිණ, එතැන් සිට ඊයේ (05) උදෑසන 07.45 ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 277 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මල්ල තුළ පැකැට් 19ක් ලෙස සකස් කළ ‘කුෂ්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10 යි ග්‍රෑම් 750 ක ප්‍රමාණයක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මෙම වැටළීම පසුගියදා කටුනායක ගුවන් තොටුපොළ රේගු පැමිණීමේ පර්යන්තයේ ‘හරිත මාවත’ තුළ ස්ථාපිත කළ පරිලෝකන යන්ත්‍රය (Scan Machine) උපයෝගී කර ගෙන රේගු නිලධාරීවරුන් විසින් සිදුකළ පළමු අත්අඩංගුවට ගැනීම වේ.
මෙම ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගය සහ මෙම ඉන්දීය ජාතිකයා මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart