
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කච්චතිව් දූපත ශ්‍රී ලංකාවේ සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ රජයේ යෝජනාවට යාපනය රදගුරු පදවිය 3 දා සිය අකැමැත්ත පළකොට තිබේ.
යාපනය රදගුරු පදවියේ ප්‍රධාන පූජක ජෝෂප්දාස් ජෙබරත්නම් පියතුමා මේ පිළිබඳව යාපනයේ තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති ජනමාධ්‍ය හමුවකදී අදහස් පළකොට තිබේ.
කච්චතිව් පූජනීය ස්ථානයක් ලෙස පවත්වාගෙන යනු ලබන බැවින් එයට බලපාන කිසිදු නව පියවරක් නොගත යුතු බව අවධාරණය කරන පියතුමන් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා යාපනය රදගුරු පදවිය සමග සාකච්ඡා කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කොට තිබේ.
තමිල්නාඩු දේශපාලනඥයින් ‘කච්චතිව් ඉන්දියාවට අයත් බවත් එය නැවත ලබා ගත යුතු බවත්’ පවසමින් ප්රචාරක කටයුතුවල නිරත වෙමින් සිටින වකවානුවක මෙම දූපත ශ්‍රී ලංකාවට අයත් බවත් කිසිවකුට එයට හිමිකම් කිව නොහැකි බවත් පියතුමා සඳහන් කර ඇත.
නැදුන්තීව් සහ කච්චතිව් සම්බන්ධ කිරීමේ සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදුකරමින් පවතින බව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් පසුගියදා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා සමඟ කච්චතිව් හි නිරීක්ෂණ චාරිකාවකදී අමාත්‍යවරයා මෙම ප්‍රකාශය කළේය.
ප්‍රදේශයේ ක්‍රියාත්මක වන දේශීය ධීවරයන්ගේ ආරක්ෂාව සහ ඔවුන් මුහුණ දෙන අභියෝග මෙන්ම ඉදිරි සංවර්ධන වැඩසටහන් පිළිබඳ නාවික හමුදාව සමඟ සාකච්ඡා කළ බව ද ඔහු සඳහන් කළේය.
පවතින සංචාරක ක්‍රියාකාරකම් නැදුන්තීව් සිට පුළුල් කිරීමෙන් කලාපයේ සංචාරක ව්‍යාපාරය නංවාලීම ව්‍යාපෘතියේ අරමුණයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart