
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක කච්චතිව් දූපතේ සිදුකළ සංචාරය ඉන්දිය ජනමාධ්‍ය තුළ ප්‍රධාන පුවතක් බවට පත්ව තිබේ.
ඒ අනුව ඉන්දියාවේ ජාතික පුවත්පත් සහ වෙබ් අඩවි ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ අනපේක්ෂිත කච්චතිව් සංචාරය ප්රමුඛව වාර්තා කළ අතර, එය බොහෝ විට ඉන්දියා-ශ්‍රී ලංකා සබඳතා සහ තමිල්නාඩු දේශපාලනයට සම්බන්ධ කරමින් වාර්තා කර ඇත.
‘ද හින්දු’ පුවත්පත් වාර්තා කර ඇත්තේ, ශ්‍රි ලංකාවේ මුහුද සහ දූපත් ආරක්ෂා කිරීමට සහ බාහිර බලපෑම්වලට එරෙහිවන බවට ප්‍රතිඥා දීමෙන් පසු ජනාධිපතිවරයා දූපතට ඉක්මන් සහ අනපේක්ෂිත සංචාරයක් සිදුකර ඇති බවයි.
‘ටයිම්ස් ඔෆ්’ ඉන්දියා පුවත්පත මේ බව වාර්තා කර ඇත්තේ, ‘ශ්‍රී ලංකා ජනාධිපතිවරයා දූපත පරීක්ෂා කරයි’ සහ ‘විජයගේ ප්‍රකාශයෙන් දින කිහිපයකට පසු කඩිනම් සංචාරයක් සිදුකරයි’ යනුවෙන් දක්වමිනි.
එමෙන්ම විදේශ අමාත්‍ය විජිත හේරත් විජේගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ බව සහ ‘කච්චතිව් ශ්‍රී ලංකාවට අයිති’ බව තරයේ තහවුරු කර ඇතැයි ද එම පුවත්පත වාර්තා කර තිබේ.
‘ඉන්දියා ටුඩේ’ වාර්තා කර ඇත්තේ කච්චතිව් යනු ශ්‍රී ලංකාවේ ‘ඒකාබද්ධ කොටසක්’ බවට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පවසා ඇති බවයි.
එමෙන්ම ලංකාවේ ගොඩබිම, දූපත් සහ මුහුද අනාගත පරම්පරාවන් සඳහා ආරක්ෂා කිරීමට ඔහු ප්‍රතිඥා දී ඇති බවද ඉන්දියා ටුඩේ වාර්තා කර තිබේ.
මේ අතර ඇතැම් ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර ඇත්තේ, ජනාධිපතිවරයාගේ සංචාරය ඉන්දියාවට සහ තමිල්නාඩුවට ලබාදුන් පණිවිඩයක් බවයි.
ඉන්දියාවේ රූපවාහිනී සහ ඩිජිටල් ප්රවෘත්ති වේදිකා ජනාධිපතිවරයාගේ කච්චතිව් සංචාරය පුළුල් ලෙස ආවරණය කළ අතර, ඔවුන් එම සංචාරය වාර්තා කර තිබුණේ ‘ශ්‍රී ලංකා ජනපති කච්චතිව් දූපතට පැමිණ භූමිය ආරක්ෂා කරන බවට දිවුරුම් දෙයි’ යන සිරස්තලය යටතේය.
‘NDTV’ මෙම සංචාරය වාර්තා කළේ ‘දූපතට පැමිණි පළමු ලාංකික රාජ්‍ය නායකයා’ මෙන්ම එම භූමිය ආරක්ෂා කිරීමට ඔහුගේ කැපවීම අවධාරණය කළ නායකයා යනුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart