
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ග්‍රාමීය මට්ටමින් ධාවනය කළ හැකි, මැදිරිවලට සවිකරන ලද ඩීසල් එන්ජිමකින් බලගැන්වෙන විද්‍යුත් පාලන පද්ධතියක් සහ අනෙකුත් නවීන පහසුකම් සහිත, දුම්රිය මැදිරි 03කින් සමන්විත සැහැල්ලු දුම්රිය කට්ටල හඳුන්වාදීමට රජය සූදානම් වේ.
ඒ වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
පහතින් දැක්වෙන්නේ අදාළ යෝජනාවයි.
‘දැනට භාවිතයේ පවතින දුම්රිය වැඩි ප්‍රමාණයක් නාගරික ප්‍රදේශවල මගී ප්‍රවාහන කටයුතු සඳහා යොදවා ඇති අතර, ග්‍රාමීය ප්‍රජාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම සඳහා රේල් බස් කිහිපයක් පමණක් දැනට ධාවනයේ යොදවා ඇත. එහෙත්, පවතින දුම්රිය කාලසටහනට අනුව රේල් බස් ධාවනය කිරීමේදී ප්‍රායෝගික ගැටලු මතු වී තිබේ. එමෙන්ම, ප්‍රමාණවත් මගීන් සංඛ්‍යාවක් නොමැති වීම හේතුවෙන් නාගරික ප්‍රදේශවල ධාවනයට යොදා ගන්නා දුම්රිය කට්ටල ග්‍රාමීය ප්‍රදේශ සඳහා යෙදවීම ආර්ථික වශයෙන් ඵලදායී නොවන බව ද හඳුනාගෙන ඇත. එබැවින්, ග්‍රාමීය මට්ටමින් ධාවනය කළ හැකි, මැදිරිවලට සවි කරන ලද ඩීසල් එන්ජිමකින් බලගැන්වෙන විද්‍යුත් පාලන පද්ධතියක් සහ අනෙකුත් නවීන පහසුකම් සහිත, දුම්රිය මැදිරි 03කින් සමන්විත සැහැල්ලු දුම්රිය කට්ටල පුත්තලම, මඩකලපුව සහ මිහින්තලේ වැනි ප්‍රදේශවල දුම්රිය මාර්ග සඳහා හඳුන්වා දීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, ග්‍රාමීය ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතාව සලසාලීමට හැකි වන පරිදි මගීන් 200‑240ක පමණ ධාරිතාවක් සහ ප්‍රමාණවත් භාණ්ඩ ප්‍රවාහන ඉඩකඩක් සහිත මැදිරි 03කින් යුතු දුම්රිය කට්ටලයක් දේශීයව එකලස් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart