September 4, 2025

ජාතික කලාභවන වැඩිදියුණු කර සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් නිමකිරීමට රජය තීරණය කර ඇත.

ජාතික කලාභවන වැඩිදියුණු කර සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරනු ලබන අතර ව්‍යාපෘතියේ සියලු කටයුතු 2024 වර්ෂය තුළදී ම අවසන් කිරීම පිණිස 2024-02-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

එහෙත්, එම කටයුතු පසුගිය වර්ෂයේ දී සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නොහැකි වී ඇති අතර 2025 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු යටතේ ඒ සඳහා රුපියල් මිලියන 120ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබේ.

එහෙත්, ව්‍යාපෘතියේ වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කිරීම සඳහා එම ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවත්, තවදුරටත් රුපියල් මිලියන 32ක අමතර මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය බවත් මේ වනවිට හඳුනාගනු ලැබ තිබේ.

ඒ අනුව, ජාතික කලාභවන නවීකරණ කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා අමතර අයවැය ප්‍රතිපාදන සලසාගැනීම සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.