
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට මෙතෙක් පැවැති චක්‍රලේඛය අවලංගු කෙරෙනු ඇත.
පහතින් දැක්වෙන්නේ ඊට අදාළව ගෙන ඇති කැබිනට් මණ්ඩල තීරණයයි.
‘යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා පන්ති කාමරයක සිටින ශිෂ්‍ය සංඛ්‍යාව අනුමත සීමා තුළ පමණක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. එබැවින්, අධ්‍යාපනය සඳහා රටේ සියලුම දරුවන්ට පවතින අයිතිය තහවුරු කරමින් පාසල්වල 5 සහ 6 වන ශ්‍රේණි හැර අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීමට අවස්ථාව ලබාදීම සඳහා නිසි ක්‍රමවේදයක් හඳුන්වා දීම සුදුසු බව හඳුනාගනු ලැබ ඇත. එකී කරුණු සැලකිල්ලට ගනිමින්, අතරමැදි ශ්‍රේණිවලදී විවිධ හේතූන් මත දැනට ඉගෙනුම ලබන පාසලේ සිට වෙනත් පාසලකට ඇතුළත්වීමට සත්‍ය වශයෙන්ම අවශ්‍ය සිසුන් සඳහා ප්‍රමුඛතාව ලැබෙන පරිදි පාසල් අයැදුම් කිරීමේ අවස්ථාව සලසාදීම පිණිස නව චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව විසින් පත්කරන ලද අනුකාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ද සැලකිල්ලට ගනිමින්, පාසල්වල 5 සහ 6 වන ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමට අදාළව මේ දක්වා නිකුත් කර ඇති චක්‍රලේඛ උපදෙස් අවලංගු කර ඒ සඳහා නව චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart