
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ ජාතික රෝහල් මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබූ බිළිඳු මළසිරුරක් අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව මරදාන පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් රෝහල් අධ්යක්ෂවරයා දැනුවත් කර එම බිලිඳු මළසිරුර භාරව කටයුතු කරන නිලධාරීන් ඇතුළු රෝහල් පාලනාධිකාරියෙන් ඊයේ (03 දා) ප්රකාශ ලබාගන්නා බවද මරදාන පොලිසියේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පවසා ඇත.
මෙම බිළිඳු මළසිරුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් සඳහා දෙමටගොඩ පොලිස් නිලධාරීන් එම මෘතශරීරාගාරය වෙත ගොස් සොයාබැලීමේදී සිරුර අතුරුදන් වී ඇතැයි හෙළි වී ඇත.
ඒ අනුව එම නිලධාරීන් මරදාන පොලිසියට කළ දැනුම්දීමකට අනුව පොලිසිය එහි ගොස් විමර්ශන ආරම්භ කර තිබේ.
ඉකුත් අගෝස්තු 01 වැනිදා මාලිගාවත්ත දුම්රිය අංගණයේ නවතා තිබූ දුම්රියක වැසිකිළියක් තුළ තිබී මෙම බිළිඳු මළසිරුර සොයාගෙන තිබිණි.
ඒ පිළිබඳව දෙමටගොඩ පොලිසිය මගින් විමර්ශන සිදුකර මහෙස්ත්රාත්වරයාගේ නියෝග මත පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට කොළඹ ජාතික රෝහලේ මෘතශරීරාගාරයේ මළසිරුර තැන්පත් කර තබා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart