
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැලිකඩ පොලිස් ස්ථානයේ රාජකාරි බස් ගමන් බලපත්‍ර පොත දින 3ක් තිස්සේ අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
භාවිතය ආරම්භ කර උප සේවය භාරයේ තිබූ රාජකාරි බස් ගමන් බලපත්‍ර පොත අංක 2006001 සිට 2006100 දක්වා පිටු තිබී ඇතැයි ද පොලිසිය කියයි.
අගෝස්තු 31 වැනිදා එම බලපත්‍ර පොත සොයාබැලීමේදී එය අස්ථානාගත වී ඇතැයි අනාවරණය වූ බව පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් දැනටමත් පොලිසිය විමර්ශන අරඹා ඇති අතර ඊට අමතරව මේ ගැන සියලුම පොලිස් ස්ථාන වෙත දුරකථන පණිවුඩ මගින් ද දැනුම්දීමට කටයුතු කර තිබේ.
දුර බැහැර මහෙස්ත්‍රාත් අධිකරණයක නඩු කටයුත්තකට හෝ තවත් පොලිස් රාජකාරි කටයුත්තකට බස් රථයෙන් යෑමට නිලධාරියකුට හෝ නිලධාරීන් පිරිසකට අවශ්‍ය වූ විට එම පොලිස් බලපත්‍රයක් පොලිස් ස්ථානාධිපතිවරයාගේ අත්සන සහ රබර් මුද්‍රාව සහිතව තාවකාලිකව නිකුත් කෙරේ.
මෙලෙස අස්ථානගත වී ඇත්තේ එම පොත බවද පොලිසිය පවසයි.
මේ පිළිබඳව වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂණ සමන් ජයසිංහගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart