
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදේශයන්හි සිටියදී සංවිධානාත්මක අපරාධ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
ඔවුන් මේ බව සඳහන් කළේ පසුගිය සති අන්තයේ එම සැකකරුවන් මෙරටට ගෙන්වා ගත අවස්ථාවේ අත්අඩංගුවට ගත් නිලධාරීන්ගේ නම් හෙළි කිරීම ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාවට තර්ජනයක් වන බවට එල්ල වූ විවේචන හමුවේය.
සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ මහින්ද ජයසුන්දර යන නිලධාරීන් කණ්ඩායමක් විසින් එම සැකකරුවන් ජකර්තාහිදී අත්අඩංගුවට ගත් අතර, ඔවුන්ගේ නම් හෙළිදරව් කිරීම නිලධාරීන් අවදානමට ලක් කළ හැකි බවට විවේචන මතු විය.
“අපගේ නිලධාරීන් ආරක්ෂා කරන්නේ කොහොමද කියලා අපි දන්නවා. මෙම අත්අඩංගුවට ගැනීම ඔවුන්ට ප්‍රශංසා කළ යුතු දෙයක්. නිලධාරීන් ආරක්ෂා කිරීමට පොලිසිය අවශ්‍ය සියලු පියවර ගන්නවා.” යනුවෙන් මෙම ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී නීතිඥ F.U. වූට්ලර් පවසා තිබේ.
මෑතකදී සංවිධානාත්මක අපරාධ සැකකරුවන් ඝාතනය වීම සහ විදේශයන්හි සැඟවී සිටින අපරාධකරුවන් විසින් පොලිස් නිලධාරීන්ට දුරකථන ඇමතුම් මගින් මරණ තර්ජන එල්ල කිරීමේ සිදුවීම් මැද මෙම අත්අඩංගුවට ගැනීම් සිදු විය.
විශේෂ කාර්ය බලකායේ (STF) කිහිප දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් ගණනාවක් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමඟ සම්බන්ධතා ඇති බවට පසුගිය වසරේ අනාවරණ වී තිබිණි.
ඔවුන්ගෙන් ඇතමුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සමහරු රටින් පලා ගොස් ඇත.
‘කමාන්ඩෝ සලින්ත’, ‘බැකෝ සමන්’, ‘තැඹිලි ලහිරු’ සහ ‘කුඩු නිලන්ත’ යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන ‘කෙහෙල්බද්දර පද්මේ’ සහ ඔහුගේ කල්ලියේ සාමාජිකයන් ඇතුළු ඉහළ පෙළේ සංවිධානාත්මක අපරාධ සැකකරුවන් පස් දෙනෙකු පසුගියදා ජකර්තාහිදී අත්අඩංගුවට ගන්නා ලදී.
අගෝස්තු 30 වැනිදා ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන එන ලදී.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ පොලිසියේ, විශේෂ කාර්ය බලකායේ සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු එම කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපළේ සිටියහ.
එම සැකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජකර්තා වෙත ගිය පොලිස් නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුව විසින් හෙළිකර තිබිණි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart