
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් විසින් තඹ කේබල් සොරකම් කිරීම හේතුවෙන් කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ විදුලි පද්ධතියට සිදු වූ හානිය යථා තත්ත්වයට පත්කිරීම සඳහා රුපියල් මිලියන 900 ක මුදලක් වැයකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සූදානම් බව වාර්තා වේ.
වාර්තාවන්ට අනුව කොවිඩ් වසංගතය සඳහා රට අගුලු දැමූ කාල සීමාවේදී මෙම තඹ කේබල් සොරකම් කිරීම ආරම්භ වී ඇත.
එම සොරකම මේ දක්වා අඛණ්ඩව පවතින අතර මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය සඳහා වැය වන මුදල රුපියල් මිලියන 900ක් ලෙස ගණන් බලා තිබේ.
රාත්‍රී කාලයේ සිදුවන විදුලි රැහැන් සොරකම් පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බලකාය යෙදවීමට නියමිතය.
ඒ නිසා අධිවේගී මාර්ගය රාත්‍රී කාලයේ සංචාරකයන් සඳහා ආරක්ෂිත බව අධිකාරිය පවසයි.
ප්‍රධාන විදුලි පරිපථ සහ ට්‍රාන්ස්ෆෝමර් පවතින ස්ථාන 14කට මෙම පුද්ගලයන් විශාල හානියක් සිදු කර ඇති බව වාර්තා වේ.
මෙලෙස ඔවුන් හානිකර ඇත්තේ, පහසුවෙන් සොරකම් සිදුකිරීම සඳහා විදුලිය විසන්ධි කිරීමටය.
කෙසේවෙතත් මෙම හානිය යථාතත්වයට පත්කිරීම සඳහා හානිය කැබිනට් පත්‍රිකාවක් හරහා මිලියන 900ක් ලබාදී ඇති බව වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart