
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හෙට්ටිපොල, මගුලගම ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ වෙඩි වැදී රෝහල්ගත කළ නව හැවිරිදි දැරියක් මියගොස් ඇති බව පොලිසිය පවසයි.
දැරිය සහ ඇගේ මිත්තණිය වෙඩි වැදීමෙන් තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී දැරිය මියගොස් ඇත.
තුවාල ලැබූ කාන්තාව තවමත් ප්‍රතිකාර ලබමින් සිටී.
පරීක්ෂණවලට අනුව, වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ, වල්ඌරන් දඩයම් කිරීම සඳහා පිරිසක් ශබ්ද නඟා කෑගසමින් සිට ඇති අතර, එම හඬ ඇසී දැරිය සහ ඇගේ මිත්තණිය නිවසින් පිටතට පැමිණ ඇත.
වෙඩි තැබීමට භාවිත කළ බෝර 12 ගිනි අවියක් පොලිසිය විසින් සොයාගෙන ඇති නමුත් සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇත.
සැකකරු සොයා හෙට්ටිපොල පොලිසිය පරීක්ෂණ දිගටම කරගෙන යයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart