
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් 2025 වසරේදී පුද්ගලයින් 84 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
කොමිසමට අනුව, 2025 ජනවාරි 1 සිට දෙසැම්බර් 31 දක්වා දිවයින පුරා සිදු කරන ලද වැටළීම් 130 කදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
ඉන් වැඩිම අත්අඩංගුවට ගැනීම් සංඛ්‍යාවක් සිදුකර ඇත්තේ පොලිසිය වන අතර එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පොලිස් නිලධාරීන් 30 දෙනෙකු ද වන බව වාර්තා වේ.
එම නිලධාරීන් අතර පොලිස් සැරයන්වරුන් 13 දෙනකු, පොලිස් කොස්තාපල්වරුන් 09 දෙනකු, උප පොලිස් පරීක්ෂකවරුන් 04 දෙනකු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 02 දෙනෙකු සිටි බව අල්ලස් කොමිසම පවසයි.
ඊට අමතරව, අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවලට අනුයුක්ත පුද්ගලයන් 11 දෙනෙකු, කෘෂිකර්ම හා රාජ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 5 දෙනකු, ග්‍රාම නිලධාරීන් තිදෙනෙකු සහ ප්‍රාදේශීය සභාවල නිලධාරීන් තිදෙනෙකු ද පසුගිය වසරේ අල්ලස් සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර, වැටලීම් වලදී අත්අඩංගුවට ගත් අය පුද්ගලයින්ට අමතරව 2025 වසරේදී විමර්ශනවලින් පසුව පුද්ගලයින් 56 දෙනෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පැවසීය.
අත්අඩංගුවට ගත් පිරිස අතර හිටපු අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, වෛද්‍යවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු ඇතුළත් බව කොමිසම පෙන්වා දෙයි.
තවද, 2025 වසරේ දී අල්ලස් කොමිසම පුද්ගලයින් 153 දෙනෙකුට එරෙහිව නඩු 115 ක් ගොනු කර ඇති අතර නඩු 69 ක් අවසන් කර ඇත.
2025 ජනවාරි 1 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ පැමිණිලි 8,409 ක් ලැබී ඇති බවත්, එම පැමිණිලි 569 ක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් කොමිසම අනාවරණය කළේය.
මේ අතර, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක ප්‍රකාශ කළේ රාජ්‍ය සේවයේ අල්ලස් හා දූෂණය තුරන් කිරීම සඳහා සෑම කෙනෙකුටම වගකීමක් ඇති බවයි.
රාජ්‍ය නිලධාරීන් සඳහා මෑතකදී පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකදී ඔහු මෙම අදහස් පළකළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart